ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව පළමු ස්නයිපර් පුහුනු පාඨමාලාව අරඹයි

ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව විසින් ගුවන් හමුදා කඳවුරු තුළ ආරක්‍ෂක කි‍්‍රයාවළිය සඳහා අවශ්‍ය රෙජිමේන්තු බලඝණයට පුහුණු ස්නයිපර් වෙඩික්කරුවන් යෙදවීම සඳහා පළමු ස්නයිපර් පුහුණු පාඨමාලාව අම්පාර ගුවන් හමුදා කඳවුරේදී ආරම්භ කරන ලදී. ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතාගේ අණුදැනුම මත ගුවන් හමුදා භූමි මෙහෙයුම් අධ්‍යක්‍ෂක එයාර් වයිස් මාර්ෂල් ලෙනාර්ඩ් රොද‍්‍රිගු මහතාගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ මෙම ආරම්භක ස්නයිපර් පුහුණු පාඨමාලාව ආරම්භ කරන ලදී.

ගුවන් හමුදා සාමාජිකයින් වෙනුවෙන් අළුතින් හඳුන්වාදුන් අංක 01 ආරක්‍ෂක සහ සීමිත ප‍්‍රහාරාත්මක ස්නයිපර් පාඨමාලාවේ සමාරම්භක දේශනය අම්පාර ගුවන් හමුදා කඳවුරු රෙජිමේන්තු පුහුණු මධ්‍යස්ථානයේදී කඳවුරු අනදෙන නිළධාරී එයාර් කොමඩෝර් සුරේෂ් ප‍්‍රනාන්දු මහතාගේ ප‍්‍රධානත්වයෙන් 2020 ජූනි මස 17 වන දිනි පැවැත්විණි.

මෙහිදී රයිෆල් අවි භාවිතයේ ඉහල සුදුසුකමක් සහ හැකියාවක් ඇති අයවළුන් හට නව දැනුමක් සහිත සහ කුරුමානම් ගැනීම සම්බන්ධ හැකියාව වැඩිදියුණු කිරීම, පරාස ඇස්තමේන්තුව, ලුහුබැඳීම සහ ඉලක්ක අත්පත් කරගැනීම යන හැකියාවන්ගෙන් සමන්විත ආරක්‍ෂක සහ සීමිත ප‍්‍රහාරත්මක ස්නයිපර් වෙඩික්කරුවෙකු බවට පත්කිරීම සඳහා මෙම පාඨමාලාව සකස් කර ඇත.

මෙම පළමු පාඨමාලාව හැදෑරීම සඳහා පුහුණුකරුවන් 12 දෙනෙකු සුදුසුකම් ලැබූ අතර පාඨමාලාව වැඩකරන දින 60 ක පමණ කාලයක් පුරා පැවැත්වේ. මෙම පාඨමාලාව සාර්ථකව නිමකරනු ලබන පුහුණුවන්නන් අභ්‍යන්තර ආරක්‍ෂාව සහ එක්සත් ජාතීන්ගේ මෙහෙයුම් සඳහා ගුවන් කඳවුරු ආරක්‍ෂාව සහ නීතිය බලාත්මක කිරීමේ කුරුමානම්කරුවන්ගේ සහ ස්යිපර්වරුන්ගේ රාජකාරීන්හ නියැළීමට සුදුසුකම්ලබයි.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.