ශ‍්‍රී ලංකා ගුවන් හමුදා රෝහල කොළඹ සිය හයවන සංවත්සරය සමරයි

ශ‍්‍රී ලංකා ගුවන් හමුදා රෝහල කොළඹ සිය හයවන සංවත්සරය ජූනි මස 01 දින රෝහල් පරිශ‍්‍රයේදී සමරණ ලදී. එහිදී සංවත්සරික පෙළපාලිය අණදෙන නිලධාරි ගඃඃප් කැප්ටන් පිඒවි පද්මපෙරුම විසින් පරික්ෂාකල අතර ඉන් අනතුරුව අණදෙන නිලධාරී තුමන් රැස්ව සිටි පිරිස ඇමතීය.

සංවත්සරයට සමගාමීව රෝහල අවට ප‍්‍රදේශයේ තෝරාගත් පවුල් උදෙසා වියලි සලාක හා පාසැල් උපකරණ බෙදා දීමක්ද සිදුකරන ලදී. තවද රෝහල් පරිශ‍්‍රයේ ධර්ම දේශනා වැඩසටහක්ද නිළධාරීන් සිසු නිළයින්ගේ හා සිවිල් පුද්ගලයින්ගේ සහභාගීත්වයෙන් පවත්වන ලදී.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.