භෝජනාගාර සහායක හා සලාක සහයක දැනුම අලුත් කිරීමේ පාඨමාලාව නිමාවෙයි

සීගිරිය ගුවන් හමුදා කඳවුරේ පිහිටි සත්කාරක කළමනාකරණ පාසල මගින් පවත්වන ලද භෝජනාගාර සහායක හා සලාක සහයක වෘතිකයින්ගේ දැනුම අලුත් කිරීමේ පාඨමාලාව 2020 ජූනි මස 29 සිට ජූලි මස 14 වෙනිදා දක්වා පැවැත්විණි. මෙම පාඨමාලාව ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ සැපයුම් අධ්‍යක්‍ෂක එයාර් වයිස් මාෂල් ඩබ්ලිව්. එම්. කේ. එස්. පී. වීරසිංහ මහතාගේ මග පෙන්වීම යටතේ සීගිරිය ගුවන් හමුදා කඳවුරු අණදෙන නිළධාරී වින්ග් කමාන්ඩර් චින්තක අල්විස් මහතාගේ  පූර්ණ අධීක්‍ෂණය යටතේ පැවැත්විණි.

පාඨමාලාව අතරතුර පුහුණුවන්නන් ශ‍්‍රී ලාංකීය සහ ජාත්‍යන්තර ආහාර සැකසීම්,  බාර් මෙහෙයුම්, කොක්ටේල් සකස් කිරීම, ගුවන් හමුදා ඊ පාස් ක‍්‍රමය හැසිරවීම, රැකියා ආශි‍්‍රත ලියකියවිලි භාවිතය ඇතුළු විවිධ වර්ගයේ ආහාර වට්ටෝරු සකස් කිරීමේ ප්‍රායෝගික සැසි සඳහා ද සහභාගී වූහ. අවට ප්‍රමුඛ පෙළේ හෝටල්වල සේවය කරන විශේෂඥයින්ගේ දායකත්වය ලබාගැනීම පුහුණුවන්නන්ගේ ප්‍රායෝගික කුසලතා ඉහළ නැංවීමට දායක විය.


ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.