ධූරයෙන් විශ‍්‍රාම යන ශ‍්‍රී ලංකාවේ බංගලාදේශ ආරක්‍ෂක නියෝජිත ගුවන් හමුදාධිපතිතුමන් හමුවෙයි

ධූරයෙන් විශ‍්‍රාම යන ශී‍්‍ර ලංකාවේ බංගලාදේශ මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක නියෝජිත කොමඩෝර් සෙයිඩ් මක්සුමුල් හකීම් මහතා 2020 අගෝස්තු මස 17 වන දින ශී‍්‍ර ලංකා ගුවන් හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත වෙමින් ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතා හමුවිය.

මෙම හමුව සංකේතවත් කරමින් සමරුඵලක හුවමාරුවක්ද සිදුකරන ලද අතර තම ධුර කාල සීමාව තුළ සිය රාජකාරිය ඉටුකිරීම පිණිස සහයෝගය ලබා දීම සම්බන්ධව කොමඩෝර් සෙයිඩ් මක්සුමුල් හකීම් මහතා ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපතිතුමන් හට සිය ස්තුතිය පුදකර සිටියේය.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.