අංක 11 ඉංග‍්‍රීසි මාධ්‍ය සහ අංක 82 සිංහල මාධ්‍යඅධිකාරී නොලත් නිළධාරීන්ගේ කළමනාකරණ පාඨමාලාව නිමාවෙයි

චීනවරාය ගුවන් හමුදා විද්‍යාපීඨයේ අධිකාරී නොලත් නිළධාරීන්ගේ කළමනාකරණ පාසල මගින් මෙහෙයවන ලද අංක 11 ඉංග‍්‍රීසි මාධ්‍ය සහ අංක 82 සිංහල මාධ්‍ය අධිකාරී නොලත් නිළධාරීන්ගේ කළමනාකරණ පාඨමාලාවේ සහතික පත් ප‍්‍රදානය කිරීම 2020 අගෝස්තු මස 28 වන දින චීන වරාය ශ‍්‍රී ලංකා ගුවන් හමුදා විද්‍යාපීඨයේදී නියෝජ්‍ය ගුවන් යානා ඉංජිනේරු අධ්‍යක්‍ෂක එයාර් වයිස් මාර්සල් ආර්එච්කේපී රණසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පවත්වන ලදී.

ගුවන් හමුදාවේ අධිකාරී නොලත් නිලධාරීන්ගේ හඬ අධ්‍යයන හා කළමනාකරණ දැනුම ලබා දීම සහ නායකත්ව ගුණාංග වැඩිදියිණු කිරීම මෙම පාඨමාලාව පවත්වාගෙන යාමේ මූලික අරමුණ වෙයි. පාඨමාලාව සති 11 ක පමණ කාලයක් පුරා පවත්වන ලදී. මෙම පාඨමාලාවන් ද්විත්වයම රජරට විශ්ව විද්‍යාලයට අනුබද්ධිතව පවත්වන ලද අතර පාඨමාලාව අවසානයේ අවශ්‍ය සුදුසුකම් සපුරාලන කණිෂ්ඨ අධිකාරී නොලත් නිළධාරීන් හට කළමනාකරණ සහතික පත‍්‍රයක් ප‍්‍රදානය කරන ලදී.

මෙහිදී ගුවන් හමුදාවේ ජ්‍යේෂ්ඨ අධිකාරී නොලත් නිළධාරීන් 72 දෙනෙකු කණිෂ්ඨ අධිකාරී නොලත් නිලධාරීන් 79 දෙනෙකු ඇතුළුව අධිකාරී නොලත් නිළධාරීන් 151 දෙනෙකු හට සහතික පත් ප‍්‍රදානය කරන ලදී.

අංක 11 ඉංග‍්‍රීසි මාධ්‍ය පාඨමාලාවේ 91.91 ලකුණු සාමාන්‍යක් සහිතව සැරයන් රාජපක්‍ෂ ආර්ඒආර්පීකේ හා 83.49 ලකුණු සාමාන්‍යක් සහිතව කෝප‍්‍ර‍්‍රල් පෙරේරා එච්එන්ඩී සම්මාන හිමිකර ගත් අතර අංක 82 සිංහල මාධ්‍ය පාඨමාලාවේ 84.50 ලකුණු සාමාන්‍යක් සහිතව සැරයන් විජේරත්න එන්එස් සහ 84.18 ලකුණු සාමාන්‍යක් සහිතව කෝප‍්‍රල් සෝමසිරි ජීඩබ්පීඑල්එස් පිළිවෙලින් සෑම අතින්ම දක්‍ෂ ජ්‍යේෂ්ඨ සහ කණිෂ්ඨ අධිකාරී නොලත් නිළධාරීන් ලෙස සම්මාන දිනා ගන්නා ලදී.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.