2020 වැන්ටේජ් ශ‍්‍රී ලංකා පාපන්දු සම්මේලන සභාපති කුසලානයේ අනුශූරතාව ගුවන් හමුදා බ්ලූ ඊගල්ස් කණ්ඩායමට

ශ‍්‍රී ලංකා ගුවන් හමුදා බූලූ ඊගල්ස් පාපන්දු කන්ඩායම 2020 වැන්ටේජ් ශ‍්‍රී ලංකා පාපන්දු සම්මේලන සභාපති කුසලාන තරඟාවළියේ අනුශූරතාවයට හිමිකම් කීමට 2020 සැප්තැම්බර් මස 2 වන දින සමත්කම් දක්වන ලදී. අවසන් මහා තරඟය සුගතදාස ක‍්‍රිඩාංගනයේදී පැවැත්විණි. ජාතික පාපන්දු කණ්ඩායම සඳහා ක‍්‍රීඩකයින් තෝරා ගැනීම සඳහා මෙම තරඟාවලිය පළමු වතාවට පවත්වන ලදී. දිවයිනේ ප‍්‍රමුඛ පෙලේ පාපාන්දු කණ්ඩායම් 20 ක් මෙම තරඟාවළිය සඳහා ඉදිරිපත් විය.

තරඟාවලියේදී ශ‍්‍රී ලංක ගුවන් හමුදා බ්ලූ ඊගල්ස් කණ්ඩායම හමුවේ ක‍්‍රිස්ටල් පැලස් ක‍්‍රීඩා සමාජය, ශ‍්‍රී ලංකා ප‍්‍රවාහන මණ්ඩල ක‍්‍රීඩා සමාජය සහ කොළඹ පාපන්දු සමාජය ලීග් වටයේදී පරාජයට පත්විය. අර්ධ අවසන් තරඟ වටයේදී ජාවා ලේන් ක‍්‍රීඩා සමාජය පරාජයට පත්කරමින් අවසන් තරඟයට සුදුසුකම් ලැබීය. අවසන් මහා තරඟයේදී කොළඹ පාපන්දු සමාජයට තරඟාවළියේ ශූරතාවය හිමිවූ අතර ගුවන් හමුදා බ්ලූ ඊගල්ස් කණ්ඩායමට අනුශූරතාවයෙන් සෑහීමකට පත්වන්නට සිදු විය.

නායක ගුවන් භට ලක්මාල් ගුණසිංහ විසින් ගුවන් හමුදා බ්ලූ ඊගල්ස් කණ්ඩායමට නායකත්වය සැපයූ අතර නායක ගුවන් භට කවිඳු ඉෂාන් තරඟාවළියේ වටිනාම කී‍්‍රඩකයා වශයෙන් සම්මාන හිමිකර ගන්නා ලදී. පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය, රියර් අද්මිරාල් (විශ‍්‍රාමික) සරත් වීරසේකර මහතා අවසන් මහා තරඟයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී විය.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.