එම්ටී නිව් ඩයමන්ඩ් නෞකාවේ ගින්න පාලනය කිරීම සඳහා ගුවන් හමුදාව පළමු වතාවට වියළි රසායනික කුඩු ඉසීම සිදුකරයි

ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව ඉතිහාසයේ ප‍්‍රථම වතාවට ගිනි නිවීම සඳහා බෙල් 212 හෙලිකොප්ටර් යානාවක් මගින් වියළි රසායනික කුඩු ඉසීම සිදු කරයි. ගිනි ගැනීමට ලක්වූ එම්ටී නිව් ඩයමන්ඩ් නෞකාවේ ගින්න පාලනය කිරීම සඳහා මෙලෙස 2020 සැප්තැම්බර් මස 7 වන දින වියළි රසායනික කුඪු කිලෝග‍්‍රෑම්  1000 ක පමණ ප‍්‍රමාණයක් ඉසීම සිදු කරන ලදී.

2020 සැපල්තැම්බර් මස 05 වන දින ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතා, ගුවන් මෙහෙයුම් අධ්‍යක්‍ෂක එයාර් වයිස් මාර්ෂල් රවී ජයසිංහ මහතා සහ විංග් කමාන්ඩර් චමිල හෙට්ටිආරච්චි අතර විශේෂ සාකච්ඡුාවක් පවත්වමින් ගිනිගෙන දැවෙන තෙල් නෞකාවේ ගින්න පාලනය කිරීම සඳහා ගතයුතු ක‍්‍රියාමාර්ග පිළිබඳව සාකච්ජා කරන ලදී. මෙහිදී ගින්න එන්ජින් කාමරය තුළින් හටගෙන ඇති බවත් කෙසේ හෝ එම ගින්න මැඩපැවැත්විය යුතු බවත් අවධාරණය විය. ඒ අනුව ගුවන් හමුදා ගිනි නිවීමේ භටයින් සතුව ඇති සුවිශේෂි ගිනි නිවීමේ දැනුම උපයෝගී කරගනිමින් බෙල් 212 හෙලිකොප්ටර් යානාවක් මගින් වියළි රසායනික කුඩු එන්ජින් කාමරය තුළට දැමිමට නිර්භීත තීරණයක් ගත්හ.

මෙම නවෝත්පාදනය ගුවන් හමුදා ගිනි නිවන භටයින්ගේ විශේෂ තාක්ෂණික දැනුම, ගුවන් හමුදා හෙලිකොප්ටර් නියමුවන්ගේ ධෛර්ය සම්පන්න පියාසර කුසලතා සහ ගුවන් යානයේ කාර්යමණ්ඩලයේ කැපවීම සමඟ සිදු කරන ලදී.



ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.