ගිනිගැනීමට ලක්වූ එම්ටී නිව් ඩයමන්ඩ් නෞකාවේ 2020 සැප්තැම්බර් මස 09 වන දින තත්වය

ගිනිගැනීමට ලක්වූ එම්ටී නිව් ඩයමන්ඩ් නෞකාවේ 2020 සැප්තැම්බර් මස 09 වන දින උදෑසන 7.30 වන විට ගින්න සහ දුමාරය සම්පූර්ණයෙන්ව පහව ගොස් ඇති බව වාර්තා විය.

සංගමන් කන්දට නාවික සැතපුම් 38 පමණ දුරින් හදිසි ගිනි ගැනීමට ලක්වූ පැනමා රජයට අයත් තෙල් නෞකාවේ ඇති වූ ගින්න මැඩපැවැත්වීම සඳහා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතාගේ උපදෙස් පරිදි ගුවන් හමුදා ගුවන් මෙහෙයුම් අධ්‍යක්ෂක එයාර් වයිස් මාර්ෂල් රවී ජයසිංහ මහතාගේ අධීක්‍ෂණය යටතේ ගුවන් හමුදා ඉතිහාසය තුල සිදුකළ මෙම සුවිශේෂි ගුවන් මෙහෙයුම කි‍්‍රයාත්මක කරන ලදී.
 
මෙි අවස්ථාව වන විට ගුවන් හමුදාව විසින් බම්බි බකට් අධාරයෙන් නැව මතට ජල ලීටර් 440000 ක් අවස්ථා 176 කදී ගුවන් යානා යොදා ගනිමින් හෙලා ඇති අතර වියලි රසායනික කුඩු කිලෝ ග‍්‍රැම් 4500 ක් ද ගින්න මතට සාර්ථකව හෙලීමට ගුවන් හමුදාවට හැකි විය.
 
මෙම මෙහෙයුම සාර්ථක කරගැනිම සඳහා ගුවන් මෙහෙයුම් වල සාර්ථකත්වය මෙන්ම ශී‍්‍ර ලංකා නාවික හමුදාව, වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව, ඉන්දීය නාවික හමුදාව, ඉන්දීය වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව, ශී‍්‍ර ලංකා වරාය අධිකාරිය හා මෙම මෙහෙයුමට සම්බන්ධ අනෙකුත් පාර්ශවයන් දැක්වූ දායකත්වය ද මහත් ශක්තියක් විය.
 
දින 07 පුරාවට ගුවන් හමුදා අංක 03 සමුද‍්‍රීය බලඝණයට අයත් බීච් කින්ග් බී-200 (Beach King 200) නරීක්‍ෂණ ගුවන් යානයක්, අංක 06 හෙලිකොප්ටර් බලඝණයට අයත් ඵෂ 17 වර්ගයේ හෙලිකොප්ටර් යානාවක් හා අංක 07 හෙලිකොප්ටර් බලඝණයට අයත් බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානාවක් මෙන්ම අංක 08 සැහැල්ලු ප‍්‍රවාහන ගුවන් යානා බලඝණයට අයත් Y12 ගුවන් යානයක් මගින් ගුවන් පැය 100 කට අධික කාලයක් පියාසර කරමින් කාලගුණ දේශගුණ විපර්යාස සමග ගැටෙමින් මෙම සුවිශේෂි මෙහෙයුම සඳහා ගුවන් නියමුවන් මෙන්ම ගුවන් යානා සහයකයින් ඇතළු ගුවන් යානා කාර්්‍යය මණ්ඩලය සක‍්‍රියව දායකත්වය දක්වන ලදී..




ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.