පැසිෆික් ගුවන් හමුදාව මගින් සංවිධානය කරන ලද ඉන්දු-පැසිෆික් ගුවන් හමුදා ප‍්‍රධානීන්ගේ වීඩියෝ සමුළුව සඳහා ගුවන් හමුදාධිපතිතුමන් සහභාගී වෙයි

පැසිෆික් ගුවන් හමුදාව මගින් සංවිධානය කරන ලද ඉන්දු-පැසිෆික් ගුවන් හමුදා ප‍්‍රධානීන්ගේ වීඩියෝ සමුළුව සඳහා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතා 2020 සැප්තැම්බර් මස 10 වන දින ගුවන් හමුදා මූලස්ථානයේ සිට සහභාගී විය. මෙම සමුළුව පැසිෆික් ගුවන් හමුදාව මගින් සංවිධානය කරන ලද අතර පැසිෆික් ගුවන් හමුදා ප‍්‍රධානී ජෙනරල් කෙනත් එස් විල්ස්බැක් විසින් එහි මුලසුන හොබවන ලදී.මෙම සමුළුව 2019 දෙසැම්බරයේ සහ 2020 අප්‍රේල් මාසයේ පැසිෆික් ගුවන් ප්‍රධානීන්ගේ වීඩියෝ ටෙලි සමුළුවේ හා සම්බන්ධ විය.

කොවිඩ්-19 වසංගතය හමුවේ ඇතිවී තිබෙන අභියෝගාත්මක හා පෙර නොවූ විරූ අවස්ථාවට ප්‍රතිචාර වශයෙන් සාමූහිකව සම්බන්ධ වීම සමුළුවේ අරමුණ වියග ඉන්දු-පැසිෆික් කලාපය තුළ කොවිඩ්-19 වසංගතය හමුවේ ඵලදායී සහ කාර්යක්ෂමව මුහුණ දීම සඳහා හොඳම භාවිතයන් සහ සඵලදායී සහයෝගීතා මාර්ග හඳුනා ගැනීමද මෙම සමුළුව මගින් සිදු කෙරිණි.

ඕස්ට්‍රේලියාව බංගලාදේශය කැනඩාව ප‍්‍රංශය ඉන්දුනීසියාව ජපානය මැලේසියාව මොන්ගෝලියාව නේපාලය නවසීලන්තය පිලිපීනය දකුණු කොරියාව සිංගප්පූරුව තායිවානය සහ තායිලන්තයේ ගුවන් හමුදා ප‍්‍රධානීන්ද මෙම සමුළුවට සහභාගී වූහ.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.