ශ‍්‍රී ලංකා ගුවන් හමුදා මුලතිව් කඳවුරේ නිරෝධායනයට ලක්වු පිරිස සමාජගත කිරිමට පියවර

මැදපෙරදිග සිට මෙරටට පැමිණි ශ‍්‍රී ලාංකිකයින් 21 දෙනෙකු නිරෝධායන කටයුතු සාර්ථකව අවසන් කර 2020 සැප්තැම්බර් මස 14 වන දින ශි‍්‍ර ලංකා ගුවන් හමුදා මුලතිව් කඳවුර තුළ පිහිටා ඇති නිරෝධායන මධ්‍යස්ථානයෙන් පිටත්ව යන ලදී.

මෙම නිරෝධායන මධ්‍යස්ථානය ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතාගේ උපදෙස් හා ඝෘජු අධික්ෂණය යටතේ සියලු පහසුකම් සහිතව පවත්වාගෙන යනු ලබයි.

මුලතිව් ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිළධාරි ගෲප් කැප්ටන් අනුරුද්ධ විජේසිරිවර්ධන ඇතුලු කාර්යමණ්ඩලයේ අධික්ෂණය යටතේ සාර්ථකව නිරෝධායන කටයුතු නිම කිරිමෙන් පසු ඔවුන් නිවෙස් කරා පිටත්කර හරින ලදී.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.