මිනුස්කාහි එකසත් ජාතීන්ගේ සාම සාධක හමුදාවේ ගුවන් හමුදා 5වන බලඇණියේ පදක්කම් ප්‍රදානය කිරීම

මධ්‍යම අප‍්‍රිකාවේ එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවේ ශ්‍රී ලංකා ගුවන් හමුදා 5 වන බල ඇණියේ පදක්කම් ප්‍රදානය කිරීමේ උත්සවයක් පසුගිය 2020 සැප්තැම්බර් මස 23 වන දින පවත්වන ලදී. මෙම පෙළපාලිය මධ්‍යම අප‍්‍රිකානු ජනරජයේ බි‍්‍රයා හි බලඇණි පරිශ‍්‍රයේදී පවත්වන ලදී.

පෙළපාළියෙන් පසුව ශ්‍රී ලංකා සංස්කෘතික උත්සවයක් සහ සරඹ සංදර්ශනයක් ඉදිරිපත් කරන ලදී. මිනූස්කා හිනැඟෙනහිර අනුඛණ්ඩ අණදෙන නිලධාරී වින්ග් කමාන්ඩර් කුෂාන් වන්නියාරච්චි මහතා ද ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් නැගෙනහිර අනුඛණ්ඩ අණදෙන නිලධාරී - බ්‍රිගේඩියර් ජෙනරාල් සයිඩ් හුසේන් ෂා සහ ප්‍රධාන ගුවන් නිලධාරි ජේක්-ඔලවි ලියොනාමා මහතා, ප්‍රධාන පුද්ගලික හමුදානිලධාරි කර්නල් මුවොලෝ බෙනඩික්ට්, බ්‍රියා හි මිනූස්කා කාර්යාල ප්‍රධානී කාර්ය මණ්ඩල  සහ තවත් දේශීය හා විදේශීය සම්භාවනීය අමුත්තන් රැසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

ප්‍රධාන ආරාධිත අමුත්තා ශ්‍රී ලංකා සාම්ප්‍රදායික උඩරට නර්තන ශිල්පීන් විසින් සංස්කෘතික බෙර වාදනයක් මගින් පිළිගන්නා ලදී. උත්සවය සඳහා සහභාගී වූ සියලුම සිවිල් හා හමුදා අමුත්තන් ආකර්ෂණය කර ගනිමින් ශ‍්‍රී දලදා මාලිගයේ අනුරුවක් ද මෙම පරිශ‍්‍රයේ ඉදිකරන ලදී. මෙම පෙළපාළියට වින්ග් කමාන්ඩර් කේවීඩීඑල් කුමාරසිංහ විසින් අණදෙන ලදී. සමස්ත උත්සවයේ සියලුම සංස්කෘතික ඉදිරිපත් කිරීම් සහ සැරසිලි ශ්‍රී ලාංකික සංස්කෘතිය හා උරුමයන් ආරාධිතයින් විසින් බෙහෙවින් අගය කරන ලදී.

ප්‍රධාන ආරාධිත අමුත්තා සහ අනෙකුත් සියලුම සම්භාවනීය අමුත්තන් ශ්‍රී ලංකා ගුවන් බලකායේ වෘත්තීයභාවය කැපවීම සහ ආගන්තුක සත්කාරය ප්‍රශංසා කළ අතර ප්‍රධාන ආරාධිත අමුත්තා සියළුදෙනා අමතා ප‍්‍රකාශකොට සිටියේ ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායම  බන්ගුයි නගරයෙන් පිටත පිහිටි මිනූස්කා හි පළමු සහ එකම ගුවන් යානා ඛන්ඩය ලෙස ඉතා වැදගත් සේවයක් සිදු කරනු ලබන බවයි.

ප්‍රධාන ආරාධිත අමුත්තා සමඟ කණ්ඩායම් ඡායාරූපයෙන් පසුව ශ්‍රී ලංකා ප්‍රණීත ආහාර වලින් සමන්විත දිවා භෝජන සංග්‍රහයක් සහ ශ්‍රී ලංකා ගුවන් සේවා කැලිප්සෝ තූර්ය වාදක කණ්ඩායම විසින් සපයන ලද දේශීය සංගීතය සමඟින් කටයුතු අවසන් විය.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.