ගුවන් හමුදා සේවා වනිතා ඒකකය රාජගිරිය වික්ටෝරියා නිවාසයේ සංචාරයක

ලෝක වැඩිහිටි දිනයට සමරමින් ශ‍්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය 2020 සැප්තැම්බර් මස 30 වන දින රාජගිරිය වික්ටෝරියා නිවාසයේ සංචාරයක නිරත වෙමින් වැඩසටහන් කිහිපයක් දියත් කරන ලදී.

මෙම වැඩසටහන් මාලාව ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි මයුරි ප‍්‍රභාවි ඩයස් මහත්මියගේ මගපෙන්විම යටතේ ගුවන් හමුදා සේවා වනිතා ඒකකය විසින් කොළඹ ගුවන් හමුදා කඳවුරු අණදෙන නිළධාරීතුමන්ගේ සහයෝගයෙන් සංවිධානය කරන ලදී. ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සාමාජිකාවන් සහ සේවා වනිතා ඒකකයේ කාර්ය මණ්ඩලයද මෙම අවස්ථාවට සහභාගී වූහ.

මෙම සංචාරය අතරතුර වික්ටෝරියා නිවාසයේ ශ‍්‍රමදාන ව්‍යාපාරයක්, වෛද්‍ය සායනයක් සහ ආගමික වැඩසටහනක් ද සේවා වනිතා ඒකකය මගින් සංවිධානය කරන ලද වැඩසටහන් මාලාවට ඇතුළත් විය. මීට අමතරව නිවාසයේ වෙසෙන සියළුම නේවාසික නේවාසිකාවන් හට අත්‍යාවශ්‍ය භාණ්ඩ සහ ත්‍යාග පාර්සලයක්ද පිරිනමන ලද අතර ගුවන් හමුදා කැලිප්සෝ සංගීත කණ්ඩායම විසින් විනෝදාත්මක සංගීත වැඩසටහනක්ද ඉදිරිපත් කරන ලදී.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.