40වෙනි අධිකාරිනොලත් නිළධාරින්ගේ කළමණාකරණ පාඨමාලා පුහුණුව සාර්ථකව නිමකොට විසිරයයි

චීන වරාය ගුවන් හමුදා විද්‍යපීඨයේ කළමනාකරණ පාඨමාලාව හැදැරූ අධිකාරිනොලත් නිළධාරීන් 59දෙනෙකු පසුගිය දෙසැම්බර් 04දා තම පුහුණුව සාර්ථකව නිමකොට විසිර ගියහ. මාස 03ක් පමණ වු මෙම පුහුණුව නායකත්වය හා කළමනාකරණය මූලික කොටගත් පාඨමාලාවකි. මෙම විසිර ගිය පාඨමාලාව අධිකාරිනොලත් නිළධාරින්ගේ කළමනාකරණ පාඨමාලාව හැදැරූ 40වෙනි කණ්ඩායමයි.
 
මෙහි සහතිකපත් ප්‍රධානය කිරීමේ උත්සවය චීන වරාය කඳවුරේ කළමණාකරණ පාසලේ ශ්‍රවනාගාරයේදි පැවැත්විණී. ඒ සඳහා ගුවන්යානා ඉන්ජිනේරු අධ්‍යක්ෂක ගුවන්කොමදොරු පී ඩී ජේ කුමාරසීරි මහතා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වු අතර පුහුණු අධ්‍යක්ෂක ගුවන් කොමදොරු ඒ එම් ඩී සොයිසා සහ චීන වරාය කඳවුරේ අණදෙන නිළධාරී ගුවන් කොමදොරු එස් එච් වී ගුණරත්න යන මහත්වරු සහභාගී වූහ.


40වෙනි අධිකාරිනොලත් නිළධාරින්ගේ කළමණාකරණ පාඨමාලා පුහුණුව සාර්ථකව නිමකොට විසිරයයි40වෙනි අධිකාරිනොලත් නිළධාරින්ගේ කළමණාකරණ පාඨමාලා පුහුණුව සාර්ථකව නිමකොට විසිරයයි40වෙනි අධිකාරිනොලත් නිළධාරින්ගේ කළමණාකරණ පාඨමාලා පුහුණුව සාර්ථකව නිමකොට විසිරයයි40වෙනි අධිකාරිනොලත් නිළධාරින්ගේ කළමණාකරණ පාඨමාලා පුහුණුව සාර්ථකව නිමකොට විසිරයයි

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.