ගුවන් හමුදා නිරෝධායන මධ්‍යස්ථානයන්හි නිරෝධායනයට ලක්වූ 45 දෙනෙකු සිය නිවෙස් කරා පිටත්කර හරියි

ශී‍්‍ර ලංකා ගුවන් හමුදා වන්නි කඳවුර තුළ පිහිටා ඇති නිරෝධායන මධ්‍යස්ථානයේ දී නිරෝධායනයට ලක් වු සිවිල් පුද්ගලයින් 45 දෙනෙකු දින 14 ක නිරෝධායන කටයුතු අවසන් කිරීමෙන් අනතුරුව 2020 නොවැම්බර් මස 08 වන දින සිය නිවෙස් කරා පිටත්ව යන ලදී.මෙම සිවිල් වැසියන් දකුණු කොරියාවේ සිට දිවයිනට ආපසු පැමිණි මගීන් ය.

ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතාගේ උපදෙස් මත  නිරෝධායන කාල තුලදී නිරෝධායනට ලක්වු පුද්ගලයන් සඳහා අවශ්‍ය සියළුම පහසුකම් මෙම නිරෝධායන මධ්‍යස්ථානය තුලදී  සපයා දීමට ගුවන් හමුදාව කටයුතු කරනු ලැබීය. වන්නි ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් ඉන්ද්‍රජිත් වීරසූරිය ඇතුලු කාර්ය මණ්ඩලයේ අධීක්ෂණය යටතේ මෙම පිරිස නිරෝධායනයට ලක් කෙරුණු අතර නිරෝධායන ක‍්‍රියාවලියෙන් අනතුරුව සිය නිවෙස් කරා පිටත් කර හැරීමට ගුවන් හමුදාව කටයුතු කරන ලදී.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.