ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ නව සභාපතිනී චාමිනි පතිරණ මහත්මිය රාජකාරීන් අරඹයි

ගුවන් හමුදා ඒකකයේ නව සභාපතිනී චාමිනී පතිරණ මහත්මිය ගුවන් හමුදා මූලස්ථානයේදී 2020 නොවැම්බර් මස 12 වන දින නව ධුරයේ රාජකාරීන් ආරම්භ කරනු ලැබුවාය.

ධුරයේ රාජකාරීන් ඇරඹිමෙන් අනතුරුව නව සභාපතිතුමිය සේවා වනිතා ඒකකය මගින් ක‍්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන නව සැලසුම් පිළිබඳව සේවා වනිතා ඒකකයේ කාර්ය මණ්ඩලය සමගින් සාකච්ඡුා කරනු ලැබුවාය.

ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා මෙම අවස්තාවට සම්බන්ධ වෙමින් නව සභාපතිතුමිය වෙත සිය සුභාශිංසන එක් කරන ලදී.සේවා වනිතා ඒකකයේ නව ලේකම්, විංග් කමාන්ඩර් ගයාත‍්‍රී වඩුගේ, ගුවන් ලේකම් එයාර් කොමඩෝර් වීපී බාලසූරිය සහ සේවා වනිතා ඒකකයේ අනෙකුත් සාමාජික සාමාජිකාවන් ද මෙම අවස්ථාවට එක්වූහ.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.