ගුවන් හමුදාවේ පළමු ගුවන් නියමුවරියන් ගුවන් හමුදා සේවයට එක්වෙයි


ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ අභීමානවත් අවස්ථාවක් සනිටුහන් කරමින් 2020 නොවැම්බර් මස 16 වන දින අංක 61 කැඩෙට් නිලධාරී පාඨමාලාව? අංක 13 කාන්තා කැඩෙට් නිලධාරී පාඨමාලාව සහ අංක 33 සහ 34  කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාල පාඨමාලාවන් අධිකාරීත්වයට පත්කිරීමේ සහ පියාසර නල ලාංඡුන පැළඳවීමේ පෙළපාලියචීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨයේදී සිදුකරන ලදී.

ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතාගේ ආරාධනයකට අනුව ආරක්‍සක අමාත්‍යාංශ ලේකම් විශ‍්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් මෙම අවස්ථාවට සහභාගී විය.

මෙහිදී කැඩෙට් නිළධාරීන් 53 දෙනෙකු අධිකාරීත්වයට පත්වූ අතර ශ‍්‍රී ලංකා ගුවන් හමුදා ඉතිහාසය අළුත් කරමින් කාන්තා නිළධාරිනියන් දෙදෙනෙක් නියමු පොදු රාජකාරී ශාඛාවේ පියාසර නිළධාරිනියන් ලෙස අධිකාරීත්වයට පත්විය.

මෙහිදී පයිලට් ඔෆිසර් වීරවර්ධන අධිකාරීත්වයට පත්වූ අවස්ථාවේදම පෙළපාලි අණදෙන්නා වශයෙන් කටයුතු කරන ලද පළමු කාන්තා නිළධාරීණීය වෙය්ි.


මෙහිදී පයිලට් ඔෆිසර් ඒඩීපීඑල් ගුණරත්න සහ පයිලට් ඔෆිසර් අර්ටී වීරවර්ධන ශ‍්‍රී ලංකා ගුවන් හමුදා ඉතිහාසයේ පළමු වරට පියාසර නිල ලාංඡුන ලබාගත් කාන්තා නිළධාරිනියන් බවට පත්විය. )


ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.