සේවා වනිතා ඒකකයෙන් රෝද පුටු පරිත්‍යාගයක්

ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී චාමිනී පතිරණ මහත්මිය විසින් 2021 ජනවාරි මස 27 වන දින ගුවන් හමුදා මූලස්ථාන සේවා වනිතා ඒකකයේදී රෝද පුටු 04 ක් පරිත්‍යාග කිරීම සිදුකරන ලදී.

මෙහිදී බලලත් නිළධාරී ඩබ්එස්ආර් ද අල්විස් ගේ නැන්දනිය, බලපංති සැරයන් බණ්ඩාර එස්ඒඑල්ආර් ගේ මව, සැරයන් හේරත් එච්එම්එස්පී ගේ නැන්දනිය සහ කෝප‍්‍රල් දුමින්ද කේජී ගේ මව ගේ ප‍්‍රයෝජනය සඳහා මෙම රෝද පුටු පරිත්‍යාග කරන ලදී. මෙම අවස්ථාවට ගුවන් ලේකම් එයාර් කොමඩෝර් වීපී බාලසූරිය මහතා  සහ සේවා වනිතා ඒකකයේ සභාපතිනී විංග් කමාන්ඩර් ගයාත‍්‍රි වඩුගේ මහත්මියද සහභාගී වූහ

මීට අමතරව, සභාපතිතුමියගේ පූර්ණ අනුග‍්‍රහය යටතේ පයිලට් ඔෆිසර් කුරරුනායක හට ඇයගේ නිවසේදී රෝද පුටුවක් පරිත්‍යාග කිරීමද සිදුකරන ලදී. 


ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.