පාකිස්තානයේ අග‍්‍රාමාත්‍ය ගරු ඉම්රාන් ඛාන් මැතිතුමන් දිවයිනෙන් පිටත්ව යයි

දින දෙකක ඓතිහාසික සංචාරයක් සඳහා දිවයිනට පැමිණි පාකිස්ථාන අග‍්‍රාමාත්‍ය ගරු ඉම්රාන් ඛාන් මැතිතුමන් 2021 පෙබරවාරි මස 24 වන දින දිවයිනෙන් පිටත්ව ගියේය. ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා දිවයිනෙන් පිටත්ව යන පාකිස්ථාන අග5ාමාත්‍යතුමන්ට සමුදීමේ අවස්ථාවට එක්විය. දිවයිනෙන් පිටත්ව යන අග‍්‍රාමාත්‍යතුමන් රැුගෙන යාමට පැමිණි විශේෂ ගුවන් යානය වෙත බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපල ගුවන් හමුදා කඳවුර මාර්ග පෙළ ඛන්ඩයක් මගින් උත්තමාචාර දැක්වීමද සිදුකරන ලදී.

විදේශ අමාත්‍ය දිනේශ් ගුණවර්ධන මැතිතුමා, පාකිස්ථාන මහ කොමසාරිස්තුමන් සහ රජයේ උසස් නිළධාරීන් පිරිසක්ද මෙම අවස්ථාවට එක්වූහ.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.