ගුවන් හමුදා 70 වැනි සංවත්සරය වෙනුවෙන් කැලණිය රජමහා විහාරයේ දී විශේෂ පිච්ච මල් පුජාවක්

ශ‍්‍රී ලංකා ගුවන් හමුදා 70 වෙනි සංවත්සරය වෙනුවෙන් කැලණිය රජමහා විහාරයේ දී 2021 මාර්තු 01 වන දින සවස ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතාගේ ප‍්‍රධානත්වයෙන් විශේෂ පිච්ච මල් පුජාවක් පැවැත්විණි. මාතෘභූමිය හා සමස්ත ගුවන් හමුදාව වෙනුවෙන් සිය ජීවිතය පූජා කළ, ආබාධිත තත්වයට පත්වූ, සක‍්‍රීය සේවයේ යෙදීසිටින වීරෝධාර ගුවන් හමුදා සාමාජිකයන් සහ ඔවුන්ගේ පවුල් වල සාමාජිකයන්ට ආශිර්වාද පැතිම උදෙසා මෙම විශේෂ පිච්ච මල් පුජාව සංවිධානය කරන ලදී.

ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී චාමිනී පතිරණ මහත්මිය, ගුවන් හමුදා අධ්‍යක්ෂක මණ්ඩලය, නිළධාරින් සෙසු නිළයන් සහ ඔවුන්ගේ පවුල්වල සමාජිකයන් මෙම අවස්ථාවට සහභාගී වූහ.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.