ඉන්දීය ගුවන් හමුදාධිපතිතුමන් ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපතිතුමන් හමුවෙයි

ශ‍්‍රී ලංකා ගුවන් හමුදා 70 වෙනි සංවත්සරය වෙනුවෙන් දිවයිනට පැමිණි ඉන්දීය ගුවන් හමුදාධිපති එයාර් චීෆ් මාර්ෂල් රාකේෂ් කුමාර් සිං බහදූරියා මහතා 2021 මාර්තු මස 03 වන දින ගුවන් හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත වෙමින් ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා හමුවිය.

කොළඹ ගුවන් හමුදා කඳවුරු අනදෙන නිළධාරී එයාර් වයිස් මාර්ෂල් ජානක අමරසිංහ මහතා විසින් ඉන්දීය ගුවන් හමුදාධිපතිතුමන් ශ‍්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානය වෙත පිළිගැනීම සිදුකරන ලදී. ගුවන් හමුදා වර්ණ පක්‍ෂාංගය විසින් පිරිනමනු ලබන උත්තමාචාර පෙළපාලියකින් අනතුරුව ඉන්දීය ගුවන් හමුදාධිපතිතුමන් ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපති තුමන් හමුවිය.

එහිදී ඉංදීය ගුවන් හමුදාධිපතිතුමන් සහ ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපතිතුමන් අතර සුහද සාකච්චාවකින් අනතුරුව ගුවන් හමුදා මාණ්ඩලික ප‍්‍රධානීතුමන් ඇතුලු අධ්‍යක්‍ෂක මණ්ඩලය හමුවිය. හමුව සිහිපත් වීම පිණිස දෙපාරශවය අතර සමරු ඵලක හුවමාරු කරගැනීමක් සිදුකෙරුණු අතර සංචාරක ඉන්දීය ගුවන් හමුදාධිපතිතුමන් විසින් ගුවන් හමුදා මූලස්ථානයේ අමුත්තන්ගේ සටහන් පොතේ සමරු සටහනක් තැබීමද සිදුකරන ලදී.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.