ඉන්දීය ගුවන් හමුදාධිපතිතුමන් ආරක්‍ෂක ලේකම් තුමන් හමුවෙයි

ශ‍්‍රී ලංකා ගුවන් හමුදා 70 වෙනි සංවත්සරය වෙනුවෙන් දිවයිනට පැමිණි ඉන්දීය ගුවන් හමුදාධිපති එයාර් චීෆ් මාර්ෂල් රාකේෂ් කුමාර් සිං බහදූරියා මහතා 2021 මාර්තු මස 03 වන දින ශ‍්‍රී ලංකා ආරක්‍ෂක ලේකම් විශ‍්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා හමුවිය.

එහිදී ඉංදීය ගුවන් හමුදාධිපතිතුමන් සහ ආරක්‍ෂක ලේකම් තුමන් අතර සුහද සාකච්චාවකින් අනතුරුව හමුව සිහිපත් වීම පිණිස දෙපාරශවය අතර සමරු ඵලක හුවමාරු කරගැනීමක් සිදුකරන ලදී. මෙම අවස්ථාවට ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතාද සහභාගී විය.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.