ශි‍්‍ර ලංකා ගුවන් හමුදාවට වසර 70 ක් සපිරම නිමිත්තෙන් පවත්වනු ලබන ගුවන් යානා සංදර්ශනය

ලකඹර සුරැුකීම තම වගකීම කර ගත් ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව සිය තම 70 වන සංවත්සරය 2021 මාර්තු 02 දින අභිමානවත් අයුරින් සමරන ලදි. ගුවන් හමුදා 70 වන සංවත්සරයට සමගාමිව පවත්වනු ලබන ගුවන් යානා සංදර්ශන මාලාව 2021 මාර්තු මස 03 වන දින අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ ප‍්‍රධානත්වයෙන් ගාලූමුවදොරදී ආරම්භ වු අතර ගුවන් යානා සංදර්ශන සදහා ඉන්දියානු ගුවන් හමුදාවට අයත් සාරංග්, සූර්යකිරන්, තේජාස්්, යන ගුවන් සංදර්ශන කණ්ඩායම් හා ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් ගුවන් යානා ද එක්විය.

ශී‍්‍ර ලංකාව තුල ගුවන් හමුදා ඉතිහාසයේ ආරම්භය වර්ෂ 1951 මාර්තු 02 වන දින රාජකීය ලංකා ගුවන් හමුදාව ස්ථාපිත කිරීමත් සමග සිදු විය. 1972 වසරේ මැයි මස 22 වන දින ශ‍්‍රී ලංකාව ජනරජයක් බවට පත් වීමත් සමගම රාජකීය ලංකා ගුවන් හමුදාවද ශී‍්‍ර ලංකා ගුවන් හමුදාව බවට පරිවර්ථනය වන ලදී. නිළධාරින් 06 දෙනෙකු හා සෙසුනිළයන් 24 දෙනෙකුගෙන් ස්ථාපිත කරන ලද රාජකිය ලංකා ගුවන් හමුදාව අදවන විට ශාඛාවන් 20 කින් හා වෘත්තින් 73 කින් සමන්විතවල  නිළධාරින් හා සෙසුනිළයන් 34000 කින් සැදුම්ලත් ශී‍්‍ර ලංකා ගුවන් හමුදාව  Kfir, F-7     ආදි ප‍්‍රහාරක ජෙට් යානාද  AN 32, C130, MA 60, Y12  වැනි ප‍්‍රවාහන ගුවන් යානා සහ  Bell 212, Bell 412, MI17, MI24  වැනි හෙලිකොප්ටර් යානා දක්වා දිර්ඝ ගමනක් පැමිණ වර්ථමානය වන විට භෞතික සම්පත් මෙන්ම මානව සම්පතින් ද පරිපූර්ණව තාක්‍ෂණික හමුදාවක් ලෙස මාතෘ භූමියේ සුරක්‍ෂතතාවය උදෙසා සිය මෙහෙවර ඉටුකරමින් සිටියි.

70 වෙනි සංවත්සර ගුවන් සංදර්ශනය නැරඹීම සඳහා ශ‍්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් අතිගරු ගෝපාල් බාග්ලේ මහතා, බස්නාහිර පලාත් ආන්ඩුකාර මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක මහතා. ආරක්‍ෂක අමාත්‍යාංශ සහ  ජාතික ආරක්‍සාව සහ ආපදා කළමණාකරණ රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් විශ‍්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා, වැඩබලන ආරක්‍ෂක මාණ්ඩලික ප‍්‍රධානී සහ යුධ හමුදාධිපති ජෙනරාල් ෂවේනද‍්‍ර සිල්වා මහතා, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිහාන්ත උළුගේතැන්න මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ. එසේම බංගලාදේහ ගුවන් හමුදාධිපති එයාර් චීෆ් මාර්ෂල් මසිහුස්මාන් සෙර්නියාබාට් මහතාද මෙම අවස්ථාවට සහභාගී විය.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.