22 වන ගුවන් හමුදා පාපැදි සවාරිය

ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ගුවන් හමුදා පාපැදි සවාරිය 22 වන වරට 2021 මාර්තු මස 07 වන දින ගුවන් හමුදා මූලස්ථානය ඉදිරිපිටින් ආරම්භ විය.

රටෙහි පවතින සෞඛ්‍ය තත්වය මත මෙවර තරග’ාවීලය එක් අදියරකට පමනක් සීමා වූ අතර කොලඹ ගුවන් හුමදා මූලස්ථානය ඉදිරිපිටින් ආරම්භ වූ පිරිමි තරග’ය ජාඇල, මිනුවන්ගොඩ, ගිරිඋල්ල, නාරම්මල, කුලියාපිටිය, මාදම්පෙ සහ මීගමුව හරහා කටුනායක දක්වා කි.මී. 159.1 කින් සමන්විත විය.

කාන්තා තරග’ය ඒකල ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසල් ඉදිරිපිටින් ආරම්භ වී මිනුවන්ගොඩ, ගිරිඋල්ල, දංකොටුව, සහ මීගමුව හරහා කටුනායක දක්වා කි.මී. 78.3 කින් සමන්විත විය.

පිරිමි තරග’ය ආරම්භක අවස්ථාව සඳහා ගරු ක‍්‍රීඩා අමාත්‍ය නාමාල් රාජපක්‍ස මහතා විසින් සිදුකරන ලද අතර තරග’ ආරම්බයට පෙර 70 වෙනි සංවත්සරයට සමගාමීව එයාර් කොමඩෝර් පද්මල් ඩි කොස්තා විසින් රචනය කරන ලද ගුවන් හමුදා ක‍්‍රීඩා ඉතිහාසය පිළිබඳ රචිත ”ග්ලෝරියස් ස්පෝරටින් හිස්ටි‍්‍ර” පොතෙහි පළමු පිටපත ක‍්‍රීඩා අමාත්‍යවරයා හට ප‍්‍රදානය කිරීමද සිදුකෙරිණි.

Men's Race

Women's Race

The Hon. Minister of Youth and Sports, Namal Rajapaksa  called on the Commander

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.