නව ගුවන් හමුදා මාණ්ඩලික ප‍්‍රධානීතුමන් වැඩ භාරගනී

ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ නව මාණ්ඩලික ප‍්‍රධානී වශයෙන් එයාර් වයිස් මාර්ෂල් ප‍්‍රසන්න පායෝ ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ෂන පතිරණ මහතා අතින් 2021 මාර්තු මස 09 වන දින වැඩ භාරගන්නා ලදී.

එයාර් වයිස් මාර්ෂල් ප‍්‍රසන්න පායෝ 1985 වසරේ නියුම පොදු රාජකාරීශාඛවේ කැඩෙට් නිළධාරීවරයෙකු වශයෙන් ගුවන් හමුදාවට එක්වූ අතර 1988 වසරේදී පාකිස්ථානයේ හමුදා ගු-වන් නියමුවෙකු වශයෙන් උපාධිය හිමිකරගත් අතර පයිලට් ඔෆිසර් නිළයේ අධිකාරීත්වයට පත්විය.

බෙල් 206, බෙල් 212, බෙලග් 412 සහ එම් අයි 24 හෙලිකොපල්ටර් යානා පියාසර කරවීමේ සුදුසුකම් ලත් නියමුවෙකු වන ඔහු පියාසර පැය 7200 ක් පමණ සම්පූර්ණ කොට තිබේ. එසේම ඔහු අංක 7 බලඝණය, අංක 09 ප‍්‍රහාරක හෙලිකොප්ටර් යානා බළඝණය සහ අංක 4 ප‍්‍රභූ ප‍්‍රවාහන බලඝණයේ අණදෙන නිළධාරීවරයා වශයෙන් ද කටයුතු කොට තිබේ.

එසේම එයාර් වයිස් මාර්ෂල් පායෝ හට ඔහු දක්වන ලද වීරත්වය උදෙසා රණ වික‍්‍රම සහ රණ සූර පදක්කම්ද හිමිකරගෙන තිබේ.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.