”ගුවන් මිතුදම්” ව්‍යාපෘතියේ සිව්වන අදියර පුත්තලම කන්දෙයායේදී

ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී චාමිනී පතිරණ මහත්මියගේ සංකල්පයකට අනුව ගුවන් හමුදා කඳවුරු අවට වාසී අවශ්‍යතා සහිත පුද්ගලයන් වෙනුවෙන් ඔවුන්ගේ අවහ්‍යතාවයන්ට සරිලන පහසුකම් සංවර්ධනය කිරීම උදෙසා අභිනවයෙන් ආරම්භ කරන ලද ”ගුවන් මිතුදම්” ව්‍යාපෘතියේ සිව්වන අදියර 2021 මාර්තු  මස 22 වන දින පුත්තලම කන්දෙයාය ප‍්‍රදේශයේදී පවත්වන ලදී. මෙහිදී අළුතින් ඉදිකරන ලද බෙහෙත් ශාලාවක් ජනතා අයි.තියට පත්කිරීම සිදුකෙරිණි.

මෙම ව්‍යාපෘතිය ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී චාමිනි පතිරණ මහත්මියගේ පූර්ණ උපදෙස ්මත පාලවිය ගුවන් හමුදා කඳවුර සහ ශ‍්‍රී මෙත්තානන්ද විහාරයේ විහාරාධිපති හිමියන්ගේ සහයෝගයෙන් ක‍්‍රියාත්මක කරන ලදී.

පුත්තලම දිස්ත‍්‍රික්කයේ දුෂ්කර ප‍්‍රදේශයක් වන කන්දෙයාය ප‍්‍රදේශයේ ජීවත්වන ජනතාව හට තම වෛද්‍ය අවහ්‍යතාවයන් සඳහා පුත්තලම නගරය දක්වා කිමී 15 කට අධික දුරක් ගමන් කිරීමට සිදුවේ. 800  කට ආසන්න ජනතාවක් ජීවත්වන මෙම ප‍්‍රදේශය වෙනුවෙන් ඉදිකරන ලද නව බෙහෙත් ශාලාව මගින් පහසුවෙන් වෛද්‍ය ප‍්‍රතිකාර ලබාගැනීමට හැකිවේ.

ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී චාමානි පතිරණ මහත්මිය ප5දාන ආරාධිත අමුත්තා වහයෙන් මෙම අවස්ථාවට සහභාගලී වූ අතර පාලවිය ගුවන් හමුදා කඳවුරු අණදෙන නිළදාරී ගෲප් කැප්ටන් ජගත් ගොඩකන්ද ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක් වූහ.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.