”ගුවන් මිතුදම්” ව්‍යාපෘතියේ පස්වන අදියර දිවුලවැවදී

ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී චාමිනී පතිරණ මහත්මියගේ සංකල්පයකට අනුව ගුවන් හමුදා කඳවුරු අවට වාසී අවශ්‍යතා සහිත පුද්ගලයන් වෙනුවෙන් ඔවුන්ගේ අවහ්‍යතාවයන්ට සරිලන පහසුකම් සංවර්ධනය කිරීම උදෙසා අභිනවයෙන් ආරම්භ කරන ලද ”ගුවන් මිතුදම්” ව්‍යාපෘතියේ පස්වන අදියර 2021 මාර්තු  මස 29 වන දින දිවුල්වැව ප‍්‍රදේශයේදී පවත්වන ලදී. මෙහිදී දිවුල්වැව ප‍්‍රදේශයේ ජනතාවට සහ දිවුල්වැව යාය හය විද්‍යාලයේ සිසු දරු දැරියන්ගේ ප‍්‍රයෝජනය සඳහා පානීය ජල ව්‍යාපෘතියක් ජනතා අයිතායට පත්කිරීම සහ ත්‍යාග පාර්සල් ප‍්‍රදානය කිරීම මෙහිදී සිදුකෙරිණි.

මෙම ව්‍යාපෘතිය ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී චාමිනි පතිරණ මහත්මියගේ පූර්ණ උපදෙස් මත මොරවැව ගුවන් හමුදා කඳවුරේ සහයෝගයෙන් ක‍්‍රියාත්මක කරන ලදී.

ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී චාමානි පතිරණ මහත්මිය ප‍්‍රධාන ආරාධිත අමුත්තා වහයෙන් මෙම අවස්ථාවට සහභාගී වූ අතර මොරවැව ගුවන් හමුදා කඳවුරු අණදෙන නිළදාරී ගෲප් කැප්ටන් එච්ටීඑච් ධර්මදාස ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක් වූහ.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.