58 වන ජාතික ටෙනිස් ශූරතාවලිය ගුවන් හමුදාව සතුවේ

පසුගිය දා (23) කොළඹ රාජකීය විද්‍යාලයීය ක්‍රීඩාංගනයේ පැවති 58 වන ජාතික ටෙනිස් ශූරතාවලියේ ගුවන් හමුදාව සතු කර ගැනීමට ගුවන් හමුදා ටෙනිස් ක්‍රීඩකයින් සමත් විය.

ඉතා ආකර්ෂණීය ක්‍රීඩා විලාසයක යෙදෙමින් කේවල හා යුගල ශූරතාවන් දෙකම දිනා ගැනීමට ගුවන් හමුදා ක්‍රීඩකයින් සමත් වු අතර 70 අදික කේවල හා 40 ආසන්න යුගල තරග කරුවන් මෙන්ම දිවයිනේ නමක් උසුලන ප්‍රවීන ක්‍රීඩකයින් ද මේ සදහා සහභාගී විම්ම විශේෂත්වයකි.

ගුවන් භට මධුශංක ආර් එස් කේ හා දහනායක ප්‍රතිවාදී නැවි නුවන් හෙට්ටිආරච්චි හා හසිත චානක පරදා යුගල ශූරතාවලිය දිනා ගැනීමට සමත් වූ අතර කේවල අංශයේ අනු ශූරතාවය ගුවන් හමුදාවේ ගුවන් භට ප්‍රනාන්දු දිනා ගැනීමට සමත් විය.

ගරු ක්‍රීඩා ආමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ  ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මේ අව්ස්ථාවට සහභාගි විය.

පිරිමි යුගල ශූරතාවය
ගුවන් භට මධුශංක ආර් එස් කේ හා දහනායක

පිරිමි යුගල අනු ශූරතාවය
නැවි නුවන් හෙට්ටිආරච්චි හා හසිත චානක  

පිරිමි කේවල ශූරතාවය
දිනුක කරුණරත්න

පිරිමි කේවල අනු ශූරතාවය
ගුවන් භට ප්‍රනාන්දු         

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.