ජෙනරාල් ඛයානි "ගුවන් හමුදාධිපති" හමුවේ
පකිස්තාන යුද හමුදා ප්‍රධානී ජෙනරාල් අශ්ෆාක් පර්වේස් ඛයානී මහතා සහ ශ්‍රී ලංකා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හා ගුවන් හමුදාධිපති එයාර් චීෆ් මාර්ෂල් රොෂාන් ගුණතිලක මහතා අතර සුහද හමුවක් අද (20& උදෑසන ගුවන් හමුදා මූලස්ථානයේදී පැවැත්විණි.
එහිදි පකිස්තාන යුද හමුදාධිපතිවරයා පිළිගැනීම සඳහා ගුවන් හමුදා මූලස්ථානයේදී
ගුවන් හමුදා සම්මානමුර පෙළපාළියක්ද පැවැත්විණි.
එසේම ගුවන් හමුදා උසස් නිළධාරීන් රැසක් ද මෙම අවස්ථාවට සහභාගි වූහ. මෙහිදි පකිස්තාන යුද හමුදාධිපති සමරු සටහනක්ද තැබීම විශේෂත්වයකි.