ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව මියගිය විරුවන් සිහිකිරීම සඳහා බහු ආගමික උත්සවයක් පවත්වයි

ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව කටුනායක කඳවුරේදී අද දින (2021 ජූලි මස 19) ගුවන් හමදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතාගේ ප‍්‍රධානත්වයෙන් බහු ආගමික උත්සවයක් පැවැත්විණි. ජාතිය වෙනුවෙන් දිවි පි¥ ගුවන් විරුවන් සැමරීම සඳහා ගුවන් හමුදාව විසින් වාර්ෂිකව මෙසේ බහු ආගමික වතාවත් සිදු කරන අතර, මෙවර කොවිඞ් 19 වසංගතය හේතුවෙන් ඒකීය උත්සවයක් පමණක් සිදු කරන ලදි.

මෙවර මෙම උත්සවය කටුනායක ගුවන් හමුදා කඳවුරේදී ගුවන් හමුදා අධ්‍යක්ෂක මණ්ඩලයේ සාමාජිකයින්, කටුනායක කඳවුරු අණදෙන නිළධාරී තුමන් ඇතුලූ නිළධාරීන් සහ අනෙකුත් සෙසු නිළයන්ගේ සීමිත පිරිසකගේ සහභාගීත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ මාර්ගෝපදේශයන්ට අනුකූලව පවත්වන ලදි. අපගේ අනාගතය වෙනුවෙන් දිවිපි¥වන් උදෙසා මෙහිදී මහා සංඝරත්නය හා අනෙකුත් ආගමික පූජකවරුන් ආශිර්වාද පතන ලදි.

සුභසාධන අධ්‍යක්ෂක මණ්ඩලය විසින් ගුවන් හමුදා කටුනායක කඳවුරේ සහයෝගීතාවය ඇතිව මෙවර මෙම බහු ආගමික උත්සවය සංවිධානය කර තිබුණි.



ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.