‘ගුවන් මිතුදම්’ ව්‍යාපෘතියේ දසවන අදියර දියතලාවේදී

ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී චාමිණි පතිරණ මහත්මියගේ මගපෙන්වීම යටතේ දියතලාව ගුවන් හමුදා සටන් පුහුණු පාසල විසින් ගුවන් මිතුදම් ව්‍යාපෘතියේ දසවන අදියර  දියතලාව ප‍්‍රදේශයේදී පවත්වන ලදී.

බණ්ඩාරවෙල පල්ලෙපේරුව ගම්මානයේ පෙර පාසල, මාතෘ හා ළමා සෞඛ්‍ය සායන හා ග්‍රාම නිලධාරී කාර්යාලය සඳහා භාවිත කෙරෙන ප්‍රජා ගොඩනැගිලි සංකීර්ණය එහි වැසිකිළි පහසුකම් ඇතුළුව ප්‍රතිසංස්කරණය කර ඒ සඳහා ජල සැපයුම ලබා දීමෙන් මෙම ව්‍යාපෘතිය අවසන් කර 2021 සැප්තැම්බර් මස 21 වන ගම්වාසීන් හට භාර දෙන ලදී.

තවද ජල ටැංකියක් ස්ථාපිත කිරීම, ජල නළ පද්ධතියක් සහ ගොඩනැගිලි සංකීර්ණය  අවට පිරිසිදු කිරීම ද සිදු විය.

මෙම අවස්ථාවට දියතලාව සටන් පුහුණු පාසලේ අණදෙන නිලධාරී එයාර් කොමඩෝර් සුරේෂ් ප්‍රනාන්දු මහතා, දියතලාව සේවා වනිතා ඒකකයේ සභාපතිනි  ශානිකා ප්‍රනාන්දු මහත්මිය, ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී, පුහුණු පාසලේ නිලධාරීන් ඇතුලු සිමිත පිරිසක් සහභාගී වු අතර මීට අමතරව මාතෘ සායනයට සහභාගී වූ ගැබිනි මව්වරුන් සඳහා වියළි සලාක ඇසුරුම් ප්‍රදානය කරන ලදී.

උත්සවයේ වැඩ කටයුතු කොවිඩ් 19 පැතිරීම වැළැක්වීම සඳහා ප්‍රකාශයට පත් කරන ලද රජයේ සෞඛ්‍ය නීති රීති වලට  අනුකූලව සිදු කෙරුණි.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.