ගුවන් හමුදා උණුසුම් හරසර මධ්‍යයේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණුඩායම හම්බන්තොට බලා ගුවනින් පිටත්වේ
ලග එන ලෝක කුසලාන තරගාවලියේ හම්බන්තොටදී
පැවැත් වීමට නියමිත කැනඩාව හා ශ්‍රී ලංකා කණ්කාව අතර එක්දින
තරගය උදෙසා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද මධ්‍යනයෙදී ගුවන් හමුදා
උණුසුම් හරසර මධ්‍යයේ හම්බන්තොට බලා එම්.අයි 17 වර්ගයේ හෙලිකොප්ටර් යානා
මගින් ගුවනින් පිටත් විය.
ගුවන් හමුදා කොළඹ රයිෆල්
ග්‍රීන් ක්‍රීඩංගනයට පමිණි ක්‍රිකට් කණ්ඩායම ගුවන් හමුදා සෞඛ්‍ය සේවා
අධ්‍යක්ෂ එයාර් වයිස් මාර්ෂල් එන්.එච්. ගුනරත්න හා ගුවන් මෙහෙයුම්
අධ්‍යක්ෂ එයාර් වයිස් මාර්ෂල් කෝලිත ගුණතිලක විසින් උණුසුම් ලෙස පිළිගන්නා
ලදී.
මෙම සංචාරය සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ
නායක කුමාර් සන්ගක්කාර සහභාගි නොවූ අතර උප නායක මහේල ජයවර්ධන හට
ගුවන් හමුදා කොළඹ කදවුරේ 28 වන රෙජිමේන්තු පක්ෂාංගයේ අණදෙන නිළධාරී විංග්
කමාණ්ඩර් අතුල නානායක්කාර විසින් මල් කලබක් පිරිනමන
ලදී.
මෙම අවස්ථාව සදහා ගුවන් හමුදා කොළඹ කදවුරේ සේවයේ
නියුතු සියලුම නිළධාරීන් ඇතුළු සෙසු නිලයන් ද සහභාගි වන
ලදී.