ශ්‍රී ලංකා ගුවන් හමුදාව සිය අභිමානවත් 60 වන සංවත්සරය සමරන වගයි

"සුරකිමු ලකඹර" යන උතුම් තේමාව යටතේ 1951 සිට සිය මාතෘ භූමියට අතිමහත් සේවයක් ඉටුකරමින් ආ ගමන් මගෙහි දශක 06 අභිමානවත් ගුවන් හමුදා මෙහෙමර සිහි කිරීම සදහා පවත්වනු ලැබූ ගුවන් හමුදා 60 වන සංවත්සර ප්‍රදර්ෂනය හා සැනකෙලිය 2011 මාර්තු මස 02 දින ගුවන් හමුදා රත්මලාන කදවුරේදී අතිගරු ජනධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සහභාගිත්වයෙන් ජනතාව වෙත නිල වශයෙන් විවෘත කරන ලදී.

පෙලපාලිය අවසානයේ ගුවන් හමුදාව සතු සියලුම බලඝනයන් නියෝජනය වන පරිදි ගුවන් යානා සංදර්ශනයක් පවැත් වූ අතර, ජාතික ධජය 04 වන බලඝනයට අයත් බෙල් 412 ප්‍රභු ප්‍රවාහන හෙලිකොප්ටරය මගින් රැගෙන එන ලදී. මෙහි සුවිශේෂි කරුණ වන්නේ ගුවන් හමුදාව ආරම්භයේ දී භාවිතා කල චිප් මන්ක්,ටයිගර් මෝත් යන ගුවන් යානා සංදර්ශනයයි.

නිලධාරීන් හා සෙසු නිල්යන් 1400 සහභාගීත්වයෙන් අනුස්මරන පෙලපාලියක් පැවැත් වූ අතර ගුවන් හමුදා 60 වන සංවත්සරය වෙනුවෙන් සමරු කාසියක් හා මුද්දරයක් ද සේනාධි නායක අතිගරු මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ අතින් ප්‍රදර්ශන භූමිය නිල වශයෙන් විවෘත කල අවස්ථාවේදී එලිදක්වන ලදී.

මේ අවස්තාව සදහා ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රොෂාන් ගුණතිලක, මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල්, ජනාධිපති ලේකම් ලලිත් විරතුංග, තැපැල් හා විදුලි සන්දේශ අමාත්‍ය ජීවන් කුමාරතුංග, යුධ හා නාවික හමුදාපතිවරුන් ද සහභාගි විය.





ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.