ගුවන් හමුදා ක්‍රිකට් කණ්ඩායමට විශිෂ්ට ජයක්

ප්‍රිමියර් ලීග් තරඟාවලියේ ශ්‍රී ලංකා ගුවන් හමුදා - වත්තල ශාන්ත අන්තෝනි ක්‍රිකට් සමාජය අතර තරඟය මාර්තු 4 සිට 6 දක්වා කොළඹ ගුවන් හමුදා රයිෆල් ග්‍රීන් ක්‍රීඩාංගනයේදී පැවැත්විණි.

පළමු ඉනිම වෙනුවෙන් ගුවන් හමුදා ක්‍රිකට් කණ්ඩායම පන්දු වාර 64.3 කදී ලකුණු 259 රැස් කරන ලදී. දිනූෂ් ප්‍රනාන්දු ලකුණු 119 ලබා ගැනීමට සමත් විය. ශාන්ත අන්තෝනි ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් චතුර රන්දිම ලකුණු 80කට කඩුලු හතරක් හා සප්‍රාස් ෆාරුක් ලකුණු 78කට කඩුලු තුනක් බැගින් ලබා ගැනීමට සමත් වීම විශේෂත්වයකි.

පලමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහර දීමට පැමිනි ශාන්ත අන්තෝනි ක්‍රීඩා සමාජය පන්දු වාර 72.5කදී ලකුණු 274ක් ලබා ගන්නා ලදී. එහිදී පිළිවෙලින් රුවන්ත නෝනිස් ලකුණු 72 හා දිනේෂ් නිලංග ලකුණු 55 ලබා ගැනීමට සමත් වූහ. දක්ෂ පන්දු යැවීමක නිරතව සිටි ගුවන් හමුදා පන්දු යවන්නන් වන රවි ජයවර්ධන ලකුණු 73කට කඩුලු හතරක් හා බුද්ධික සඳරුවන් කඩුලු තුනක් ලකුණු 49කට ලබා ගැනීමට සමත් විය.

දෙවන ඉනිම වෙනුවෙන් පන්දුවට පහර දුන් ගුවන් හමුදා ක්‍රීඩකයින් පන්දු වාර 50කදී කඩුලු හතරක් දැවි ලකුණු 264 ලබා ගැනීමට සමත් වූහ. එහිදී දිනූෂ ප්‍රනාන්දු ලකුණු 117 හා රාජු ගනේෂන් ලකුණු 109 ලබා ගැනීමට සමත් වූහ.

අවසානයේදී ලකුණු 248 ඉලක්කයක් හඹා ගිය ශාන්ත අන්තෝනි ක්‍රීඩා සමාජයට රැස් කර ගැනීමට හැකි වුයේ ලකුණු 245ක් පමණි. ශාන්ත අන්තෝනි ක්‍රීඩා සමාජය වෙනුවෙන් දර්ශන හෙට්ටියාරච්චි ලකුණු 72 හා සප්‍රාස් ෆාරුක් ලකුණු 64 ලබා ගැනීමට සමත් වූහ. ඒ අනුව ගුවන් හමුදා කණ්ඩායමට ලකුණු තුනක විශිෂ්ට ජයක් අත් විය. ගුවන් හමුදා කණ්ඩායම වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරත වූ බුද්ධික සඳරුවන් හා රවි ජයවර්ධන කඩුලු හතර බැගින් ලබා ගැනීම විශේෂත්වයකි.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.