ගුවන් හමුදාපති දළඳා මාළිගාවේ නිළ සංචාරයක

ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම මහතා මාර්තු 08 වන දින මහනුවර දළඳා මාළිගාවේ නිළ සංචාරයක නිරත විය.

එහිදි ගුවන් හමුදාපතිතුමා දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල බණ්ඩාර හමු විය. එසේම මෙතුමා විශේෂිත ආරාධිතයින්ගේ සමරු පොතේ සමරු සටහනක්ද තැබීය. ඉන්පසු දළඳා මාළිගාවේ පැවති විශේෂිත ආගමික වතාවත්වලටද මෙතුමා ඇතුළු පිරිස සහභාගි විය.

ආගමික වතාවත් අවසන් වීමෙන් පසු ගුවන් හමුදාපතුමා ඇතුළු පිරිස අස්ගිරි පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධ රක්ඛිත නායක ස්වාමීන්ද්‍රයන් හමු විය. ඉන්පසු මල්වතු පාර්ශවයේ අණුනායක අතිපූජ්‍ය නියන්ගොඩ විජිත නායක ස්වාමීන්ද්‍රයන්ද බැහැ දැකීමට ගියේය.

එයාර් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම මහතාගේ භාර්යාව වන නීලිකා අබේවික්‍රම මැතිනිය ඇතුළු පවුලේ සාමාජිකයින් සහ ගුවන් හමුදා සේවා පුද්ගලයින් රැසක් මෙම අවස්ථාවට සහභාගි වීම විශේෂත්වයකි. 



ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.