ශ්‍රී ලංකා ගුවන් හමුදා 'මාබල් බීච් නිවාඩු නිකේතනය' ජනාධිපතිතුමන් අතින් විවෘත කෙරේ

ත්‍රීකුණාමලය, මාබල් බීච් ප්‍රදේශයේ ඉදි කරන ලද සුඛෝපභෝගි 'මාබල් බීච් ගුවන් හමුදා නිවාඩු නිකේතනය' අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමන් අතින් මර්තු 13 වන දින උත්කර්ෂවත් අන්දමින් විවෘත කරන ලදී.

ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම මහතාගේ මග පෙන්වීමත්,  ගුවන් හමුදා චීන වරාය විද්‍යාපීඨයේ පීඨාධිපති එයාර් වයිස් මාර්ෂල් කේ.වි.බි. ජයම්පති තුමන්ගේ උපදෙස් මත මෙම සුඛෝපභෝගී නිවාඩු නිකේතන නිර්මාණය වී ඇත.

මෙම අවස්ථාව සඳහා ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා, නැගෙනහිර ආණ්ඩුකාරතුමා, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි, ගුවන් හමුදාපතිතුමා, නාවික හමුදාපතිතුමා, පොලිස්පති, ගුවන් හමුදා චීන වරාය විද්‍යාපීඨයේ ජ්‍යෙෂ්ඨ නිළධාරීන් ඇතුළු සේවා පුද්ගලයින් විශාල පිරිසක් සහභාගි විම විශේෂත්වයකි.


මාබල් බීච් ගුවන් හමුදා නිවාඩු නිකේතනය



ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.