අංක 06 හෙලිකොප්ටර් බළඝණයේ 18 වන උපන්දිනය

ශ්‍රී ලංක ගුවන් හමුදා අනුරාධපුර කදවුරේ පිහිටි අංක 06 හෙලිකොප්ටර් බළඝණය තම 18 වන සංවත්සරය මාර්තු 15 වන දින සමරන ලදී.

බළඝණ අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් එම්. ඒ. එස්. කේ. මහිපාල විසින් පරීක්ෂණය කල වැඩ පෙළපාලියකින් සංවත්සර සැමරුම් කටයුතු ආරම්භ කරන ලදී.

ඉන්පසු ශ්‍රී මහා බෝධි පරිශ්‍රයේ ශ්‍රමධාන කටයුතු රාශියක නියැළුණු සේවා පුද්ගලයින් පසුව ආගමික කටයුතු සිදු කරන ලදී. එහිදී පසුගිය වසර 18ක් පුරා තම ජීවිත පරිත්‍යාගයෙන් සේවය කල රණවිරුවන් සිහිපත් කිරීමද සිදුවිය.





ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.