ශ්‍රී ලංකා ගුවන් හමුදාවට තවත් නිළධාරීන් රැසක් එක් වෙයි

තොරතුරු තාක්ෂණය, ඉලෙක්ට්‍රෝනික ඉංජිනේරු, සිවිල් ඉංජිනේරු, සැපයුම් ආදී අංශයන් නියෝජනය කරමින් ගුවන් හමුදාවට නව නිළධාරීන් රැසක් එක් වූහ.

නවක නිළධාරීන්ගේ දිවුරුම් දීමේ උත්සවය මාර්තු 23 වන දින උදෑසන 09.30 පමණ ගුවන් හමුදා මූලස්ථාන ශ්‍රවණාගාරයෙදී පැවැත්විණි. මෙම උත්සවය ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ. තවද ප්‍රධාන බඳවා ගැනීමේ නිළධාරි ගෲප් කපිතාන් එච්.එන්. අබේසිංහ මහතාද මෙම අවස්ථාවට සහභාගි විය.

මෙහිදී ගුවන් හමුදාපතිතුමා නවක නිළධාරීන් අමතා විශේෂ දේශනයක්ද පැවැත්වීම විශේෂත්වයකි. එම දේශනයේදී සිවිල් වෘත්තීය හා සේවා වෘත්තීය අතර ඇති වෙනසත්, එසේම සේවා ජීවිතයෙදී ඉතා උසස් සේවාවක් ගුවන් හමුදාව බලාපොරොත්තු වන් බවත් පැවසීය.

මෙම වෘත්තීයවේදියෝ දියතලාව ගුවන් හමුදා පුහුණු පාසලේ අංක. 55 සෘජුව බඳවා ගත් නිළධාරීන්ගේ පාඨමාලාව සඳහා යොමු කෙරේ. එනම් මර්තු මස 28 දින සිට පුරා මාස දෙකක් මෙම පාඨමාලාව පැවැත්වීමට නියමිතව ඇත.

ඉන් අනතුරුව මෙම නිළධාරීන් ගුවන් හමුදාවේ විවිධ තනතුරු දැරීමට සුදානම්ව සිටි.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.