ගුවන් හමුදා වෛද්‍ය ඒකකය සෙඛ්‍ය සේවා විශිෂ්ඨත්ව සම්මානයෙන් පිදුම් ලබයි.

කොටි ත්‍රස්තවාදින්ගේ ප්‍රාණ ඇපයෙන් මුදාගත් දෙමළ ජනතාව වෙනුවෙන් මැණික්ෆාම්, සෙට්ටිකුලම් හා වව්නියාව යන ප්‍රදේශ වල සුභ සාධක කඳවුරු කිහිපයක් ඉදිවිය. ඔවුන්ගේ සෞඛ්‍ය ගැටළු සඳහා ගුවන් හමුදා වෛද්‍ය ඒකකය මුල සිටම ක්‍රියාත්මක වෙමින් සුවිශේෂි කාර්ය භාරයන් රැසක් ඉටුකරන ලදි.මේ සදහා ගුවන් හමුදා වෛද්‍ය, දන්ත වෛද්‍ය,මනො වෛද්‍ය මෙන්ම සිවිල් විශේෂඥ වෛද්‍යවරුන් සහ පුහුණු වෛද්‍යවරුන්ගේ සහයද ගුවන් හමුදා වෛද්‍ය කණ්ඩායම වෙත ලැබිණි.

මෙම අහිංසක දෙමළ ජනතාවගේ සෞඛ්‍ය තත්වය ඉහල මට්ටමකට ගෙන ඒමට ගත් උත්සාහය අගය කරමින් සෞඛ්‍ය හා පෝෂණ අමාත්‍යාංශය ගුවන් හමුදා වෛද්‍ය ඒකකය වෙත "සෞඛ්‍ය සේවා විශිෂ්ඨතා සම්මානය" සහ තත්ව සහතිකයක් ප්‍රධානය කරන ලදි.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.