කටුනායක විද්‍යුත් හා සංනිවේදන ඉංජිනේරු පක්ෂාංගය 53 වන සංවත්සරය සමරයි

කටුනායක විද්‍යුත් හා සංනිවේදන ඉංජිනේරු පක්ෂාංගයේ '53 වන සංවත්සර සැමරුම' අප්‍රේල් මස 01 දින සර්ව ආගමික වතාවත් සමගින් කඳවුරු පරිශ්‍රයේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.

ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආගම් වන බෞද්ධ, හින්දු, ක්‍රිස්තියානි සහ මුස්ලිම් ප්‍රධාන කොටගෙන ආගමික වතාවත් මෙහිදී ඉටු කරන ලදී. විද්‍යුත් හා සංනිවේදන ඉංජිනේරු පක්ෂාංගයේ සේවයේ නියුතු සියලූම සේවා පුද්ගලයින්ගේ පවුල්වල සමාජිකයින් මෙම අවස්ථාවට සහභාගී වීම විශේෂත්වයකි.

මෙම සංවත්සර සැමරුම් උත්සවයේ ප්‍රධාන අරාධිතයින් ලෙස විද්‍යුත් හා සංනිවේදන ඉංජිනේරු අධ්‍යක්ෂ එයාර් කොමදෝරු රොහාන් පතිරගේ සහ මෙම අධ්‍යක්ෂ මණ්ඩලයේ ප්‍රථම අධ්‍යක්ෂවරයා වන විශ්‍රාමලත් ගෲප් කපිතාන් රණසිංහ යන අය සහභාගී වූහ. තවද කඳවුරේ සියලූම අංශයන්හි අණදෙන නිළධාරිවරුන්ද සහභාගී වූහ. ඉන් පසු කිරිබත් සහ අළුවා සමගින් උදෑසන තේපැන් සංග්‍රහයක්ද මෙහිදී පැවැත්විණි.

කටුනායක විද්‍යුත් හා සංනිවේදන ඉංජිනේරු පක්ෂාංගය සංඥා අංශයේ එක් අංගයක් ලෙස 1958 දී ස්ථාපනය කරන ලදී. පුරා වසර 53 ජාතිය වෙනුවෙන් අතිමහත් සේවාවක් ඉටු කරන ලදී. මෙහිදී ක්ෂේත්‍ර උපකරණ සවිකිරීම් සහ අලුත්වැඩියා කටයුතු ප්‍රධාන වශයෙන් සිදු කරනු ලබයි.

තවද මෙම පක්ෂාංගය මගින් අසීමිත සේවාවක් ගුවන් හමුදාවට නිරතුරුවම ඉටු වන බව කිවයුතු කරුණකි. ප්‍රති මිසයිල ක්‍රමය සහ ගුවන් තාක්ෂණයේ භාවිතා වන ඉලෙක්ට්‍රෝනික පිරිසැකසුම් හා සවිකිරීම් කටයුතු මෙහිදී සඳහන් කළ යුතුය.

මෙම අතිදක්ෂ සේවක කණ්ඩායම ගුවන් හමුදාවේ එදිනෙදා පරිහරණය කරන  දුරකථන හා පරිඝණක ජාලයන් පවත්වාගෙන යෑම සිදු කිරීම විශේෂ කරුණකි.




ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.