ගුවන් හමුදා කටුනායක දන්ත වෛද්‍ය අංශයේ 36 වන සංවත්සර සැමරුම
ගුවන් හමුදා කටුනායක දන්ත වෛද්‍ය අංශයේ 36 වන සංවත්සර සැමරුම කඳවුරු පරිශ්‍රයේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. මෙම දන්ත වෛද්‍ය අංශය 1975 මැයි මස 01වන දින ආරම්භ කරන ලද්දකි.
අධ්‍යක්ෂ දන්ත වෛද්‍ය සේවා එයාර් වයිස් මාර්ෂල් අශෝක අමුණුගම මහතා සහ කටුනායක දන්ත වෛද්‍ය අංශයේ අණදෙන නිළධාරි විංග් කමාන්ඩර් ජේ.පි.ඩබ්ලිව්. ජයවික්‍රම මහතා, වෛද්‍ය නිළධාරින්, කාර්ය මණ්ඩල සමාජිකයින් ඇතුළු රැසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.
මෙම සංවත්සර උත්සවය නිමිත්තෙන් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කෙරින. මෙහි පළමු පියවර ලෙස ජංගම සායන හා සෞඛ්‍ය අධ්‍යයාපන වැඩසටහන් මාලාවක් කටාන 'සනාතන' අනත්දරු නිවාසයේදී අප්‍රේල් මස 27වන දින පැවැත්විණි. තවද මෙහිදි අධ්‍යාපනික නාට්‍ය ප්‍රදර්ශනයක්ද, කුඩා ළමුන් සඳහා තෑගි ලබා දීමක්ද සිදු වීම විශේෂත්වයකි.
අප්‍රේල් මස 28වන දින අබේසේකරාරාමයේ අතිපූජ්‍ය මහින්ද ථේරගේ ප්‍රධානත්වයෙන් ධර්ම දේශනාවක්ද පැවැත්විය. මෙම අවස්ථාවට අධ්‍යක්ෂකවරුන්, නිළධාරීන් ඇතුළු රැසක් සහභාගි වූහ.
තවද ශාන්ත ජෝසප් වැඩිහිටි නිවාසය අවට ශ්‍රමදාන වැඩසටහනක්ද පැවැත්විණි. අවසාන වශයෙන් මෙම අංශයේ සමාජිකයින්ගේ සුහද හමුවක් කඳවුරු පරිශ්‍රයේදී සියලූම නිළයන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වීම විශේෂත්වයකි.


Dharma Deshana 












Shramadana





Dental get-together









