ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ 'බොදු බැති ගී' පිදුම

2600 වැනි සම්බුද්ධත්ව ජයන්තියට සමගාමිව ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මගින් සංවිධානය කළ 'බොදු බැති ගී පිදුම' වැඩසටහන පසුගිය මැයි මස 18 වන් දින ගුවන් හමුදා කොළඹ කඳවුරේ 'රයිෆල් ග්‍රීන්' ක්‍රීඩාංගනයේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.

උත්සවයේ විශේෂ ආරාධිත අමුත්තා ලෙස රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකක සභාපතිනි අයෝමා රාජපක්ෂ මැතිනිය සහභාගි විය. තවද සේවා වනිතා ඒකක සභාපතිනිවරුන් වන් මන්ජුලිකා ජයසුරිය, නෙලුකා දිසානායක සහ අෂා බාලසුරිය යන මහත්මීන් පිලිවෙළින් යුධ හමුදාව, නාවික හමුදාව හා පොලිසිය නියෝජනය කරමින් මෙම අවස්ථාවට සහභාගි වූහ.

ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම මහතා ඇතුළුව ගුවන් හමුදා සේවා වනිතා ඒකක සභාපතිනි නීලිකා අබේවික්‍රම හා කඳවුරු අණදෙන නිළධාරි ගුවන් කොමදෝරු විජිත ගුණරත්න යන මහත්ම මහත්මින් ආරාධිත අමුත්තන් පිළිගන්නා ලදී.

පසුව ගුවන් හමුදාපතිතුමන් විසින් 'සව් දන්සැල' හා 'වෙසක් කූඩු ප්‍රදර්ශනය' විවෘත කරන ලදී. මෙහිදී ගුවන් හමුදා සංගීත කණ්ඩායමේ පසුබිම් සංගීතයත් සමග 'බොදු බැති ගී' පිදුම වැඩසටහන ආරම්භ විය. අනතුරුව ගෞතම බුදුරජාණන් වහන්සේගේ අභිනිෂ්ක්‍රමනය හා සම්බුද්ධත්වය තේමා කරගෙන මුද්‍රා නාට්‍ය රඟ දැක්වීමක්ද සිදු විම විශේෂත්වයකි.

මෙම උත්සවයට ගුවන් හමුදා නිළධාරින්, සෙසු නිළයන් හා ඔවුන්ගේ පවුල්වල සමාජිකයින් මෙන්ම සිවිල් පුද්ගලයන් රැසක් සහභාගී වූහ. 



ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.