පළමු කාන්තා හෑන්ඩ්බෝල් ජාතික සූරතාව ගුවන් හමුදාවට

ශ්‍රී ලංකා ක්‍රීඩා ඉතිහාසයට එක්වූ පළමු හෑන්ඩ්බෝල් ජාතික සූරතාවලියේ ජය ගුවන් හමුදා 'කාන්තා' කණ්ඩායමට හිමි විය. එසේම 'පිරිමි' අංශයෙන් තරඟ වැදුනු ගුවන් හමුදා හෑන්ඩ්බෝල් කණ්ඩායම අනුසූරතාවය හිමි කර ගැනීමට සමත් වීම විශේෂත්වයකි.

හෑන්ඩ්බෝල් සූරතා තරඟාවලිය මැයි මස 20, 21, 22 යන දිනයන්හි පැවැත් වූ අතර, අවසන් මහා තරඟය කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංනයේ දී ඊයේ (22) උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.

මෙම තරඟාවලිය සඳහා ආරක්ෂක සේවා, බන්ධනාගාර, ගමනාගමන මණ්ඩලය හා මඩකලපුව, ත්‍රීකුණාමලය, අම්පාර යන දිස්ත්‍රික්ක නියෝජනය කරමින් පිළිවෙලින් කාන්තා අංශයෙන් කණ්ඩායම් නවයක් හා පිරිමි අංශයෙන් කණ්ඩායම් හයක්ද සහභාගි විය.

'පද්මිණි රාජපක්ෂ අභියෝගතා කුසලානය' වෙනුවෙන් පැවැති කාන්තා අවසන් මහා තරඟයේදී ගුවන් හමුදා ක්‍රීඩිකාවෝ ලකුණු 13 - 5 කින් නාවික හමුදාව පරදා සූරතාව අත්කර ගැනීමට සමත් වූහ. එසේම පිරිමි අවසන් තරඟයේදී යුධ හමුදාව ලකුණු 31 - 25 කින් ගුවන් හමුදාව පරාජයට පත් කිරීමට සමත් විය.   



ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.