ගුවන් හමුදාපති 'ගංගාරාම වෙසක් කලාපයේ' විදුලි අලෝක පද්ධතිය විවෘත කරයි

ගංගාරාම විහාරාධිපති අතිපූජ්‍ය ගලබොඩ ඥානිස්සර තෙරුන්ගේ ආරධානාවකට අනුව ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම මහතා විසින් 'ගංගාරාම වෙසක් කලාපයේ' විදුලි අලෝක පද්ධතිය පසුගිය 22 දා උත්කර්ෂවත් අන්දමින් විවෘත කරන ලදී.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තන් වන ගරු අමාත්‍ය ලක්ෂ්මන් සෙනවිරත්න, ඒ. ආර්. එම්. අබ්දුල් කාදර්, මාස් මීඩියා ආයතනයේ ලේකම් ඩබ්ලිව්. බි. ගනේගල මහතා, පලාත් සභා ලේකම් දොස්තර නිහාල් ජයතිලක මහතා සහ ගුවන් හමුදාපතිතුමා ඇතුළු පිරිස එක්ව ධාතුන් වහන්සේලා ගංගාරාම විහාරයේ සිට 'සීමා මාලකය' වෙතට පෙරහැරකින් වැඩම වූ සේක. ගුවන් හමුදාපතිතුමා සහ අමාත්‍ය ලක්ෂ්මන් සෙනවිරත්න පිළිවෙලින් ප්‍රධාන සහ සෙසු ධාතුන් වහන්සේලා වැඩම වූ සේක.

මහා සංගරත්නයේ 'සෙත් පිරිත්' සජ්ඣායනය අනුගමනය කරමින් ප්‍රධාන ආරාධිත අමුත්තන් පොල්තෙල් පහන ආලෝකමත් කරන ලදී. අනතුරුව ගුවන් හමුදාපති හර්ෂ අබේවික්‍රම මහතා විසින් වෙසක් කලාපයේ විදුලි පද්ධතිය විවෘත කරමින් 'භක්ති ගීත' වැඩසටහනට පූර්ව ආරම්භය ලබා දෙන ලදී.  




ගුවනින් ලබා ගත් ඡායාරූප


ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.