112 නියමුවන් රහිත බලඝණය තෙවන සංවත්සරය සමරයි

අංක 112 නියමුවන් රහිත බලඝණය පසුගියදා (01 ජුනි 2011) තම තෙවන සංවත්සරය ශ්‍රී ලංකා ගුවන් හමුදා වීරවිල කඳවුරේදී සමරන ලදී.

ශ්‍රී ලංකාවේ පැවැති මානුෂීය මෙහෙයුම සඳහා තම දායකත්වය 2009 වර්ෂයේ සිට ලබා දෙමින් අති විශාල මෙහෙවරක් ඉටු කිරීමට මෙම 112 නියමුවන් රහිත බළඝණය සමත් වීම විශේෂත්වයකි. එනම් යුධ හා නාවික හමුදාවන්ට අවශ්‍ය දත්තයන් ලබා දීම මෙම බළඝණය මගින් සිදු කළ එක් මෙහෙවරකි.

දැනට නියමුවන් රහිත බළඝණය මගින් සංවර්ධන වැඩසටහන් (හම්බන්තොට වරාය, මත්තල ගුවන්තොටුපළ හා කොළඹ අවට)සඳහා තම දායකත්වය ලබා දෙමින් සිටි.

112 නියමුවන් රහිත බළඝණයේ වැඩබලන අණදෙන නිළධාරියා ලෙස කඳවුරු අණදෙන නිළධාරි 'විංග් කමාන්ඩර්' මොහාන් බාලසුරිය කටයුතු කරයි.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.