නියමුවන් රහිත බලඝණය තෙවන සංවත්සරය සමරයි

අංක 111 නියමුවන් රහිත බලඝණය පසුගියදා (01 ජුනි 2011) තම තෙවන සංවත්සරය ශ්‍රී ලංකා ගුවන් හමුදා වවුනියාව කඳවුරේදී සමරන ලදී.

1996 UAV බලඝණය ලෙස පිහිටවූ මෙය 2008 ජුනි 01 වන දින අංක 111 සහ 112 ලෙස බලඝණ දෙකකට බෙදා වෙන් කරන ලදී.

"සර්චර් II "(SEARCHER II) නියමුවන් රහිත ගුවන් යානා හසුරුවමින් සතුරු භූමිය පිළිබදව නිවැරදි තොරතුරු එසැනින්ම අවශ්‍ය  ස්ථානවලට ලබා දෙමින් මානුෂීය මෙහෙයුමේදී සිදුකල මෙහෙවර මිලකල නොහැකිය.                                                        

ජයග්‍රහනණයේ සෙවනැල්ලක් ලෙස නිහඩව තම මවුබිමට ඉටුකල සේවාව අගය කිරීමට ලක් නොවුයේ රහසිගතව හා විශ්වාසදායීව තම මෙහෙවර ඉටුකල බැවිනි.

ඒකක අණදෙන නිලධාරී විංග් කමාන්ඩර් ශෙහාන් විජේසිංහ තෙවන සංවත්සරය වෙනුවෙන් පැවැත්වූ පෙළපාලිය පරීක්ෂණය කරන ලදී. මෙහිදී "වසරේ ගුවන් භටයා" සම්මානය 25384 කොප්‍රල් පුෂ්පකුමාර ඩී.ජි.ජි.එල් (ගුවන් යානා සැකිලි ශිල්පී) ඒකක අනදෙන නිලධාරීතුමා අතින් පිරිනමන ලදී. මින් අනතුරුව සිවිල් සේවක ඊ.එම්. ප්‍රේමරත්න මහතාගේ අවංක සේවය අගයමින් ඔහුගේ බිරිඳගේ වෛද්‍ය  ප්‍රතිකාරය වෙනුවෙන් කඳවුරු අණදෙන නිළධාරිතුමා විසින් මුදලින් රුපියල් 25000.00ක පරිත්‍යාගයක් ලබා දෙන ලදී.

මින් අනතුරුව සියළු නිලයන්ගේ සහභාගිත්වයෙන් ක්‍රිකට් තරගාවලියක්ද පැවැත්විනි. 




ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.