මීරිගම ගුවන් හමුදා කඳවුර තම හතරවන සංවත්සරය සමරයි

මීරිගම ගුවන් හමුදා කඳවුර තම හතරවන සංවත්සරය පසුගිය ජූනි මස 01වන දින උත්කර්ෂවත් අන්දමින් සමරන ලදී.

මෙම උත්සවය කඳවුරු අණදෙන නිළධාරි 'ගෲප් කැප්ටන්' එච්.බි.ඩි.ජේ. කරුණාරත්නගේ ප්‍රධානත්වයෙන් කඳවුරේ නිළධාරීන්, සෙසු නිළයන් හා සිවිල් සේවක මහතුන්ගේ සහභාගීත්වයෙන් උත්කර්ෂවත් අන්දමින් පැවැවිණි.

මෙහිදි මැයි මස 25 සිට විශේෂ වෛද්‍ය සායනයක් ප්‍රදේශයේ සිවිල් ජනතාව වෙනුවෙන් පැවැත්විණි. එදින උදෑසන වැඩපෙළපාලියක් හා රාත්‍රියේ පිරිත් සජ්ඣායන උත්සවයක්ද පැවැත්වීම විශේෂත්වයකි.

සංවත්සරය නිමිති කරගෙන ශ්‍රමදාන වැඩසටහනක් වීරවිල රෝහල් පරිශ්‍රයේදී පැවැත්විණි, එසේම සියලූම නිළයන්ගේ සහභාගීත්වයෙන් ක්‍රීඩා වැඩසටහන් රැසක් ජූනි 03 සිට 07වනදා දක්වා පැවැත්වීමට නියමිතව ඇත.






ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.