මැරතන් තරඟාවලියේ ජය ගුවන් හමුදාවට

ජාතික ක්‍රීඩා උළෙල මැරතන් තරඟාවලියේ 'මැරතන් රැජින' ලෙස තරඟාවලිය ජය ගැනීමට ගුවන් හමුදාවේ ගුවන් කාන්තා මංජුලා කුමාරසිංහ සමත් වූවාය. මෙම තරඟාවලිය පසුගිය ජුනි මස 04වන දින පැවැත්විණි.

දිවයිනේ සෑම ප්‍රදේශයකින්ම පැමිණි තරඟකරුවන් 60 දෙනෙකුගේ සහභාගීත්වයෙන් මෙම මැරතන් තරඟය පැවැත්විණි. එනම් පුත්තලම සිට කොළඹ නගරය දක්වා පැමිණ නැවත කොළඹ සිට පුත්තලම දක්වා කිලෝ මීටර 42ක දුර ප්‍රමාණයකින් මැරතන් තරඟය සමන්විත විය.

ගුවන් හමුදාව නියෝජනය කරමින් ගුවන් කාන්තා මංජුලා කුමාරසිංහ පළමු ස්ථානය ලබා ගත් අතර, දීපානි, මල්කාන්ති සහ දිල්හාරි පිළිවෙලින් තුන්වන, පස්වන සහ හත්වන ස්ථානයන් හිමි කර ගැනීමට සමත් වූහ.

තවද ඇවිදීමේ තරඟයේදී ගුවන් කාන්තා කල්‍යානි සහ දිල්හාරි පිළිවෙලින් දෙවන සහ නවවන ස්ථානයන් හිමිකර ගැනීමට සමත් වීම විශේෂත්වයකි.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.