තරග නිමා කල ක්‍රීඩක ක්‍රීඩිකාවන් මව්බිමට පැමිණේ

බර ඉසිලීමේ හා ජූඩෝ තරග නිමා කල ක්‍රීඩක ක්‍රීඩිකාවන් 2010 පෙබරවාරි මස 04 වන දින මව්බිමට පැමිණියහ. මෙම කන්ඩායම් නියොජනය කල ගුවන් හමුදා ක්‍රීඩක/ක්‍රීඩිකාවන් සියල්ලම පදක්කම් ලභීන් වීම විශේෂත්වයකි.





බර ඉසිලීම

56 කි.ග්‍රැ. නායකගුවන් භට කමල් බණ්ඩාර                          - රන්
85 කි.ග්‍රැ. නායකගුවන් භට රොමේෂ් සමරසේකර                  - රිදී
94 කි.ග්‍රැ. ගුවන් භට රන්සිළු ජයතිලක                                 - ලෝකඩ
105 කි.ග්‍රැ. වැඩි නායකගුවන් භට මංජුල සම්පත් විජේරත්න    - රිදී

මෙහිදී 105 කි.ග්‍රැ. වැඩි කාණ්ඩය නියෝජනය කල නායක ගුවන් භට මංජුල සම්පත් විජේරත්න විසින් ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමයට 165 කි.ග්‍රෑ ඔසවා නව ශ්‍රි ලංකා වාර්තාවක් පිහිටුවන ලදී.

ජූඩෝ

66 කි.ග්‍රැ. නායක ගුවන් භට චන්ඩන බණ්ඩාර         - රිදී
52 කි.ග්‍රැ. නායක ගුවන් කාන්තා චමිලා විජේරත්න  - රිදී

ඊයේ (04) පස්වරුවේ මොවුන් පිලිගැනිමට කටුනායක ගුවන් තොටුපොලට ගුවන් හමුදා විධායක ක්‍රීඩා සභාවේ නිළධාරීන් වන ගෲප් කපිතාන් හර්ෂ ප්‍රනාන්දු,ගෲප් කපිතාන් රොෂාන් බියන්විල,ගෲප් කපිතාන් ප්‍රසන්න රණසිංහ හා ගුවන් හමුදා ජූඩෝ සංචිතයේ සභාපති හා ශ්‍රී ලංකා ජූඩෝ සංගමයේ සභාපති ගුවන් කොමදෝරු අනුර සිල්වා නිළධාරී තුමන් සහ ගුවන් හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් සහභාගි විය.


තරග නිමා කල ක්‍රීඩක ක්‍රීඩිකාවන් මව්බිමට පැමිණේතරග නිමා කල ක්‍රීඩක ක්‍රීඩිකාවන් මව්බිමට පැමිණේතරග නිමා කල ක්‍රීඩක ක්‍රීඩිකාවන් මව්බිමට පැමිණේතරග නිමා කල ක්‍රීඩක ක්‍රීඩිකාවන් මව්බිමට පැමිණේතරග නිමා කල ක්‍රීඩක ක්‍රීඩිකාවන් මව්බිමට පැමිණේතරග නිමා කල ක්‍රීඩක ක්‍රීඩිකාවන් මව්බිමට පැමිණේතරග නිමා කල ක්‍රීඩක ක්‍රීඩිකාවන් මව්බිමට පැමිණේතරග නිමා කල ක්‍රීඩක ක්‍රීඩිකාවන් මව්බිමට පැමිණේතරග නිමා කල ක්‍රීඩක ක්‍රීඩිකාවන් මව්බිමට පැමිණේතරග නිමා කල ක්‍රීඩක ක්‍රීඩිකාවන් මව්බිමට පැමිණේ

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.