කැල්ටෙක්ස් රග්බි තරඟාවලිය 2011

'කැල්ටෙක්ස් රග්බි තරඟාවලිය 2011' ගුවන් හමුදාව හා පොලීසිය අතර පැවැති තරඟයේදී ගුවන් හමුදා රග්බි කණ්ඩායම ලකුණු 18 - 12 ලෙස තරඟය ජය ගැනීමට සමත් විය. මෙම තරඟාවලිය කටුනායක ගුවන් හමුදා ක්‍රීඩාංගනයේදී ඊයේ (ජූනි 03) උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.

තරඟයේ පළමු අර්ධය අවසන් වනවිට ගුවන් හමුදාව ලකුණු 08 - 05 ලෙස ඉදිරියෙන් පසු විය. මෙහිදි ගුවන් හමුදාව වෙනුවෙන් චානක වන්දිමාල් සහ රදික හෙට්ටියාරච්චි යන ක්‍රීඩකයින් දක්ෂ ලෙස ක්‍රීඩා කරමින් ගුවන් හමුදාව වෙනුවෙන් ලකුණු 08 ලබා ගැනීමට සමත් වූහ. චානක ප්‍රනාන්දු පොලීසිය වෙනුවෙන් ලකුණු 05ක් ලබා ගැනීමට සමත් විය.

තරඟයේ දෙවන අර්ධයේදී දක්ෂ ලෙස ක්‍රීඩා කරමින් ගුවන් හමුදාවේ ගයන්ත ඉද්දමල්ගොඩ සහ රජිත සැන්සොනී එක්ව ලකුණු 10 ලබා ගනිමින් ගුවන් හමුදාවේ ජය තහවුරු කිරීමට සමත් වූහ.

පොලීසිය වෙනුවෙන් රාජිත කුමාර සහ ප්‍රියන්ත ඒකනායක ලකුණු 07ක් රැස් කිරීමට සමත් වූහ.




ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.