ගුවන් හමුදා විවෘත ස්කොෂ් ශූරතාවලිය - 2023

ගුවන් හමුදා විවෘත PSA (වෘත්තීය ස්කොෂ් සංගමය) ස්කොෂ් ශූරතාවලිය 2023 නොවැම්බර් 10 වන දින රත්මලාන ගුවන් හමුදා කඳවුරේ ස්කොෂ් සංකීර්ණයේදී ඉතා උත්කර්ෂවත් ලෙස අවසන් විය. කාන්තා සහ පිරිමි විවෘත කාණ්ඩ යටතේ අවසන් මහා තරග පැවැත්විණි. මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා සහභාගී වූ අතර ගුවන් හමුදා ස්කොෂ් සංචිත සභාපති ගෲප් කැප්ටන් දයාන් සුමනසේකර, ගුවන් හමුදා ක්‍රීඩා කවුන්සිලයේ ලේකම් සහ ශ්‍රී ලංකා ස්කොෂ් සම්මේලනයේ උප සභාපති මෙන්ම ශ්‍රී ලංකා ස්කොෂ් සම්මේලනයේ ස්කොෂ් තරඟාවලි සංවිධායක කමිටු ප්‍රධානී ගෲප් කැප්ටන් එරන්ද ගීගනගේ, මාණ්ඩලික ප්‍රධානී, ගුවන් හමුදා කළමනාකරණ මණ්ඩලයේ සාමාජිකයින් සහ නිළධාරීන් සෙසු නීලයින් සහ අනෙකුත් සම්භාවනීය අමුත්තන් සහභාගීවිය.

2023 ගුවන් හමුදා විවෘත ස්කොෂ් ශූරතාවලියේ පිරිමි විවෘත තරගයේදී රවිඳු ලක්සිරි සිය විස්මිත දස්කම් විදහා දක්වමින් ඉන්දීය ගුවන් හමුදාවේ කනිෂ්ඨ බළලත් නිලධාරී සන්දීප් ජන්ග්‍රා පරාජය කිරීමට සමත්විය. කාන්තා විවෘත අවසන් මහා තරගයේදී සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ චනිත්මා සිනාලි කැපී පෙනෙන දස්කම් දක්වමින් ෆාතම් සලෙයිකා ඉසදීන් පරාඡය කිරීමට සමත්විය.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.